Covid 19

කොවිඩ් වැළඳුනු ව්‍යාපාරිකයන් හය දෙනෙක් අතුරුදහන්

කොවිඩ් වැළඳුනු ව්‍යාපාරිකයන් හය දෙනකු වඩමාරච්චි ප්‍රදේශයෙන් අතුරුදන් වී ඇති බවට පුවත්පත් වාර්තා කර තිබේ.

අදාළ ව්‍යාපාරිකයන්ගේ පී.සී.ආර්. පරීක්‍ෂණ යාපනය විශ්වවිද්‍යාල රසායනාගාරයේදී සිදුකර ඇති අතර වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමග අදාළ ව්‍යාපාරිකයන් සොයා යන විට ඔවුන් අදාළ ස්ථානවල නොසිටි බවයි සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර ඇත්තේ.

කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමග අදාළ ව්‍යාපාරිකයන් සැඟව සිටින නිසා ඔවුන්ගෙන් ප්‍රවේශම් වන ලෙස සෞඛ්‍ය නිලධාරීන් විසින් ප්‍රදේශයේ ජනතාවට දැනුම් දී තිබේ.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ අම්පාර සහ කල්මුණේ ප්‍රදේශයන්හි සිට පේදුරුතුඩුවට ව්‍යාපාර සඳහා පැමිණි පිරිසක් බවයි වාර්තා වන්නේ.

Related posts

තවත් කොවිඩ් ආසාදිතයින් 272ක් – මිනුවන්ගොඩ, පෑලියගොඩ කොවිඩ් පොකුර 8,000 ඉක්මවයි

colombotoday

කෝවිඩ් – 19 වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 117 ක් දක්වා ඉහළට

colombotoday

කොරෝනා දෙවැනි රැල්ලට පාර කැපූ සීදුවේ හෝටලය සී.අයි.ඩී.යේ විමර්ශනයට

colombotoday

මංගල උත්සවයකට ගිය 19කට කොරෝනා

colombotoday

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 449ක් දක්වා ඉහළට. අද දිනට 29ක් වාර්තා වෙයි.

colombotoday

අද දිනට කොරෝනා මරණ 5 ක්

colombotoday