Colombo Today Local News

හොරකමට අල්ල ගත් සිසුන්ගේ පරිගණකයක් තුළ ඔවුන්ගේම අසභ්‍ය දර්ශන

වෙළෙඳසැල් 8ක් බිඳ ලක්ෂ 40කට වැඩි ජංගම දුරකථන, ලැප්ටොප් ඇතුළු භාණ්ඩ සොරාගත් පාසල් ළමයින් 3 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ අඟුරුවාතොට, හොරණ, ඉංගිරිය, බුලත්සිංහල යන ප්‍රදේශවල වෙළෙඳසැල් එම සිසුන් විසින් බිඳ එහි භාණ්ඩ සොරාගෙන ඇති බවය.

ඔවුන් හොරණ අධ්‍යාපන කලාපයට අයත් ප්‍රසිද්ධ පාසල් තුනක සිසුන් තිදෙනෙකි.

16 හැවිරිදි වියේ පසුවන එම සිසුන් දොඹගොඩ, බටගොඩ යන ප්‍රදේශවල පදිංචි බව අනාවරණය වී තිබේ.

ඊයේ (15)දින රාත්‍රීයේ පොලීසිය සිදුකළ මෙහෙයුමකදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි සිසුන් අත්පොරොවක් සහ සැකසහිත හිස්වැසුමක් සමග හසුවී තිබේ.

ඒ අනුව සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමකදී ඔවුන් සිදුකළ සොරකම් පිළිබඳව අනාවරණය වී ඇත.

ඒ අනුව සැකකාර සිසුන් විසින් සොරකම් සඳහා භාවිත කළ යතුරුපැදි 3ක්, සොරකම් කරන ලද ජංගම දුරකථන, ලැප්ටොප් ඇතුළු තවත් භාණ්ඩ රැසක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

සිසුන් සොරකම් කරන ලද පරිගණකයක් තුළ තිබී ඔවුන් විසින් පටිගතකරණ ලද ඔවුන්ගේම අසභ්‍ය දර්ශන රැසක් ද සොයාගෙන ඇත.

ඒ සම්බන්ධයෙන් ද විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

Related posts

ලයිට් බිල වැඩි කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට..

colombotoday

නොදන්වා රට සවාරි ගිය එජාපයේ 25කගෙන් නිදහසට කරුණු විමසයි

colombotoday

චමින්දගේ මන්ත්‍රී ධුරය නයන වාසලතිලකට

Admin

තමිල්නාඩුවේ ලාංකික සරණාගතයන් සියළුදෙනා යළි ගෙන්වාගැනීමට රජය ඉන්දියාවේ සහය පතයි

colombotoday

පොලිස්,රාජ්‍ය,මානව හිමිකම් කොමිෂන් සභා පත්කෙරේ

colombotoday

ලිංගික කටයුතු සඳහා කාන්තාවන් සපයන වෙබ් අඩවි සොයා පොලිස් මෙහෙයුම්

colombotoday