Colombo Today Local News

ඩෙංගු සමග සිකා වෛරසය රටපුරා පැතිරයාමේ අවදානමක්

දිස්ත්‍රික්ක ගණනාවක ඩෙංගු කීට ඝණත්වය ඉහළ මට්ටමක පවතින බව කීට විද්‍යාත්මක සමීක්‍ෂණවලදී අනාවරණයවූ බවත් ඉදිරි මාසයක පමණ කාලය තුළ රටපුරා ඩෙංගු හිස එසවීමේ අවදනම ඉහළ අගයක පවතින බවත් රජයේ කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති ජයමිණි මිගෙල්හේවා පැවැසීය.

ඩෙංගු වාහක මදුරුවන්ගෙන් සිකා වෛරසය පැතිරීයන බව කී සභාපතිවරයා ඉන්දියාවේ ඊඩිස් ඇල්බොපික්ටස් ඩෙංගු වාහක මදුරුවන්ගෙන් සිකා වෛරසය පැතිරී යන බවට හඳුනාගෙන ඇති බව පැවැසීය. මෙරට මෙම මදුරු විශේෂ දෙක ඩෙංගු රෝග වාහක මදුරුවන් බවට හඳුනාගෙන තිබේ.
කීට විද්‍යාත්මක සමීක්‍ෂණවලදී ඩෙංගු රෝග ප්‍රධාන වාහක මදුරුවා වන ඊඩිස් ඊජිප්ටයි දිවයිනේ ප්‍රධාන නගර තදාසන්න ප්‍රදේශවල සීඝ්‍රයෙන් බෝවී ඇති බවත් ඊඩිස් ඇල්බොපික්ටස් මදුරුවන් දිවයිනේ සෑම ප්‍රදේශයකම හඳුනාගෙන ඇති බව හෙතෙම පැවැසීය.

ඩෙංගු රෝග වාහක ප්‍රධාන වහාකයින් සහ අපිරිසිදු ජලයේ බෝවන බරවා වහාක මදුරුවාගෙන් සහ තවත් වාහක මදුරුවන්ගෙන් සිකා වෛරසය පැතිර යන බවට විද්‍යාඥයින් තහවුරු කරගෙන තිබේ.

Related posts

“අපිට දකුණේ ඡන්ද අවශ්‍ය නෑ.. මුස්ලිම් – දමිල ඡන්දයෙන් සජිත් දිනනවා“ – රිශාඩ් බදියුදීන්

colombotoday

මහනුවර නගරයේ නීති විරෝධී ඉදිකිරීම් සියල්ල හඳුනාගනියි

colombotoday

ලක් දූ පුතුන් ඉන්දියාවත් පරදා මව් බිම රනින් සරසති !

colombotoday

යහපාලනයෙන් පණ ලබා රටම භීතියෙන් සලිත කරන පාතාල කල්ලි 15 මෙන්න

colombotoday

පොහොට්ටුවේ වැඩ සටහන් කිහිපයක් තාවකාලිකව නවතී

colombotoday

TNA නායකයාට දෙමළ ජනතාව එරෙහි වෙයි.. යාපනයේදී එලවා දමයි..

colombotoday