Covid 19

වෛද්‍ය සිසුවෙකුටත් ඩෙල්ටා ආසාදනය වෙයි

පිළියන්දල, මිරිස්වත්ත ප්‍රදේශයෙන් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පුද්ගලයකු හමුවී ඇත.

මෙම පුද්ගලයා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන වෛද්‍ය ශිෂ්‍යයකු බව ප්‍රදේශය භාර පරිපාලන මහජන සෞඛය පරීක්ෂකවරයා සඳහන් කළේය.

පසුගිය 09 වැනිදා සිදුකළ පීසීආර් පරීක්ෂණයකින් ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

ප්‍රතිකාර සඳහා ඔහු කොළඹ අයිඩීඑච් රෝහලට ඇතුළත් කර තිබේ. නිවැසියන්ද නිරෝධායනයට යොමුකර ඇති අතර ඔවුන්ගේ පීසීආර් පරීක්ෂණ අද (15)දින සිදු කිරීමට නියමිතය.

ඒ අනුව මේ වනවිට මෙරටින් හඳුනාගෙන ඇති ඩෙල්ටා ප්‍රභේද ආසාදිතයන් සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

පෙනහැල්ලේ කළු දිලීරය ආසාදනය වී කොවිඩ් මාරයා බිලිගත් පළමු මරණය වාර්තා වෙයි

colombotoday

තවත් කොවිඩ් මරණ 22ක්

colombotoday

තවත් ප්‍රධාන ඇඟළුම් කම්හලක සේවකයෙකුට කොරෝනා

colombotoday

තවත් කොරෝනා මරණ 121 ක්

colombotoday

ඊයේ තහවුරු කල කොවිඩ් මරණ 21ක්

colombotoday

කොවිඩ් ආසාදිතයින් 1,150ක්

colombotoday