Colombo Today Local News

අතිරේක සොලිසිටර් ජනරාල්වරුන් 07ක් ජනාධිපති නීතිඥවරුන් ලෙස පත්කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරුන් 07 දෙනෙකු ජනාධිපති නීතිඥවරුන් ලෙස පත්කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (ඉ) ජේදය ප්‍රකාරව නීතිඥ වෘත්තියේ විශිෂ්ටත්වයට පත්ව ඇති හා වෘත්තීය කටයුතු පිළිබඳ අවංකභාවයෙන් හා උත්කෘෂ්ට පැවැත්මෙන් යුතු නීතිඥවරුන්, ජනාධිපති නීතිඥවරුන් ලෙස පත්කිරීමට ජනාධිපතිවරයාට බලතල පැවරී ඇත.

ඒ අනුව අතිරේක සොලිසිටර් ජනරාල්වරුන් වන මිලින්ද ගුණතිලක, හරිප්‍රියා ජයසුන්දර, විකුම් ආබෲ, ශානක විජේසිංහ, රවින්ද්‍ර පතිරණගේ, නෙරීන් පුල්ලේ සහ චේතිය ගුණසේකර යන මහත්ම මහත්මීහු ජනාධිපති නීතිඥවරු ලෙස පත්කර සිටිති.

Related posts

“සම්පූර්ණෙන්ම වැරදියි.. අමණ ක්‍රියාවක්“ අබාධිත රණවිරු ප්‍රහාරය ගැන හිටපු සේනාධිනායකයා කියයි

colombotoday

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයට පස් කඳු කඩා වැටෙයි

colombotoday

“තමුසෙගෙ තරු ගලවනවා” කමිසයෙන් ඇද OICට තග දැමූ ජවිපෙ මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday

විග්නේෂ්වරන් වැරදි බව අධිකරණය තීන්දු කරයි !

colombotoday

කැළණි ඟග පිටාර ගැලීම ඇරඹෙයි.. හැකි ඉක්මනින් ඉවත්වන්න

colombotoday

74 වැනි නිදහස් සැමරුමට පොලිසියෙන් පැළ දස ලක්ෂයක්

colombotoday