Colombo Today Local News

ධාවනය වෙමින් තිබූ වෑන් රථයක සුක්කානම ගැලවී බස් රථයක ගැටෙයි

ගම්පොළ මූලික රෝහල අසලදී වෑන් රථයක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබුණි.

ඊයේ (13)දින සවස අනතුර සිදුවී ඇත.

එලෙස අනතුරට ලක්වී තිබුණේ ගම්පොළ සිට නාවලපිටිය දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් සහ නාවලපිටිය සිට ගම්පොළ දෙසට ධාවනය වූ වෑන් රථයකි.

වෑන් රථයේ සුක්කානම ගැලවීයෑමෙන් රථය පාලනය කරගැනීමට නොහැකිව අනතුර සිදුවූ බව වෑන් රථයේ රියදුරු පවසයි.

වෑන් රථයේ රියදුරු ගම්පොළ පොලීසියට අනියුක්ත නිලධාරියෙකි.

අනතුරින් කිසිවෙකුටත් ජීවිත හානියක් සිදුවී නොමැත.

Related posts

සීනිගම පොල් ගහද්දි දිනේෂ ගුණවර්ධන මහතාගේ පොකට්ටුවට විදලා

colombotoday

ඩිෆෙන්ඩරයක් සොයා පොලීසියේ 50ක් වෙල්ගමගේ වත්ත පීරයි.. හිස් අතින් ආපසු යයි !

colombotoday

සමුගන්න පෙර හනා ජනපති හමුවෙයි

Admin

ඉස්ලාම් ආගමේ අන්තවාදය උගන්වන්නේ ‘සාහි අල් බුකාරි‘ පොතෙන්…

colombotoday

ආණ්ඩුකාර තනතුරක් නොදුන් නිසා ASP ඉල්ලා අස්වෙයි

colombotoday

මඩකලපුවේ අමීර් අලීගේ වනසංහාරක ගෝලයෝ නඩු නැතිවම නිදහස්.. එකම රටක්, ඇයි නීති දෙකක් !

colombotoday