Colombo Today Sports News

ශ‍්‍රී ලංකා ක්‍රිකට් පිලට පුහුණුකරුවන්ගේ හිඟයක්

ඉන්දියාව සමගින් ලබන 18 වැනිදා සිට ආරම්භ වීමට නියමිත එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා ශ‍්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (12)දින කණ්ඩායම් වශයෙන් සිය පුහුණුවීම් ආරම්භ කරනු ලැබීය.

පිතිකරණ පුහුණුකරු ග‍්‍රාන්ට් ෆ්ලවර්ට සහ දත්ත විශ්ලේෂක ජී.ටී. නිරෝෂන්ට කොවිඩ් වෛරසය අසාදනය වීමත් සමගින් සෙසු පුහුණුකරුවන් නිරෝධායනයට යොමුකර තිබීම හේතුවෙන් අදාළ පුහුණු සැසි හිටපු දඟ පන්දු යැවීමේ පුහුණුකරු පියල් විජේතුංග විසින් සිදුකර තිබුණි.

අවසන්වරට සහභාගි වූ එක්දින තරග 9න් 7ක් පරාජයට පත් වී සිටින ශ‍්‍රී ලංකා කණ්ඩායමට 2023 එක් දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක එල්ලයේ සහභාගි වීමට නම් මෙම තරගාවලි ජයග‍්‍රහණය බෙහෙවින් වැදගත් වනු ඇත. එනිසා කණ්ඩායමේ පුහුණුකරුවන් නිරෝධායනයෙන් මිදෙන තෙක් පියල් විජේතුංගට අමතරව තවත් තාවකාලික පුහුණුකරුවන් කිහිපදෙනකු හෝ ජාතික කණ්ඩායමට යොදවන්නේනම් එය උචිත වන බව ක්ෂේත‍්‍රයේ කතාබහට ලක්වී ඇත.

එක්දින සංචිතය ඊයේ (12)දින කණ්ඩායම් තුනකට බෙදී පුහුණුවීම්වල නිරත වූ අතර ඒ අයුරින්ම ඔවුන් අදත් පුහුණුවීම්වල නිරත වීමට නියමිතය. ලබන 17 වැනිදා දක්වා එක්දින සංචිතයේ පුහුණුවීම් පැවැත්වෙනු ඇත.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධනයට තාක්ෂණික උපදේශක කමිටුවක්

colombotoday

ශ්‍රී ලංකා – ද. අප්‍රිකා 20යි 20 තරගය අද රෑ 9. 30ට

colombotoday

IPL නව කණ්ඩායම් දෙකේ අයිතිය කෝටි 12,000 කට අලෙවි වෙයි

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් සුපිරි වේග පන්දු ක්‍රීඩක ලසිත් මාලිංගගෙන් ආන්දෝලනාත්මක Facebook සටහනක්

colombotoday

ශ්‍රී ලංකාවට 267ක ඉලක්කයක්

Admin

ශී‍්‍ර ලංකාවට එන්න සිටි බංග්ලාදේශ කි‍්‍රකට් කී‍්‍රඩකයෙකුටත් කොරෝනා

colombotoday