Colombo Today Local News

නිරෝධායනයට යොමුකලේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ගේ ලිඛිත නියෝග මතයි. – මහජන ආරක්ෂක ඇමති කරුණු පහදයි

සියලු උද්ඝෝෂණ ඇතුළු ජන රාශිවීම රෝග ව්‍යාප්තියට බලපාන බව සඳහන් කරමින් පොලිස්පතිවරයාට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලිපියක් යවලා තිබ්බා.. අපි දන්නවා ඉන්දියාවේ ජනරාශි වීම් වලින් තමයි විශාල ව්‍යසනයකට මුහුණ දෙන්න වුණේ. අපි උදේ ඉඳන්ම ඒ අයට විවිධ ආකාරයෙන් සන්නිවේදනය කළා, මෙවන් උද්ඝෝෂණ කළොත් රටේ නීතිය අනුව අත්අඩංගුවට ගන්නවා කියලා. ඒක අහන්නේ නැතිව නිරෝධායන නීති කඩකරමින් උද්ඝෝෂණ සිදුකළ නිසා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නියෝගය මත ඔවුන්ව පොලීසිය අත්අඩංගුවට ගත්තේ. ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කළාම ඇප මත නිදහස් වුණා. ඉන්පස්සෙ ඔවුන්ව නිරෝධායනයට යොමුකලේ පොලිසියට ඕන නිසා නෙමෙයි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ගේ ලිඛිත ඉල්ලීමක් නිසා තමයි පොලිසිය ඔවුන්ව නිරෝධානය ට යොමු කළේ. පොලිසියට කාටවත් දොස් කියන්න බෑ. පොලිසිය කළේ අදාළ බලධාරීන්ගේ උපදෙස් මත මිසක් පොලිසියේ උවමනාවට නෙමේ යනුවෙන් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේ කඩුවෙල කොට්ඨාශයේ නව පොලිස් ස්ථානය අද දින විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් සඳහන් කලේ යහපාලන ආණ්ඩු කාලයේ මේ උද්ඝෝෂණ වලට සැලකුවේ කඳුළු, ගෑස්, ජල ප්‍රහාර, බැටන් පොලුවලින්. අපි උස්සගෙන ගියා මිසක් කවදාවත් ඒ ආකාරයෙන් සැලකුවේ නෑ. ඒ වගේම මේ පොලිස් නිලධාරීන් සමහර වෙලාවට අවම පහසුකම් යටතේ වැස්සේ තෙමෙමින්, අව්වේ වේලෙමින් පැය 12ක් රාජකාරි කරන කොට්ඨාශයක් බොහෝ වෙලාවට ඔවුන්ගේ නිවාඩු අවලංගු වෙනවා. ඔවුන් කළේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දීපු නියෝග ක්‍රියාත්මක කරන එකයි. ඔවුන්ට දෝෂාරෝපණය කිරීම වැරදියි. අපේ අඩුපාඩු තියෙනව නම් අපි හදා ගන්නවා.

මට ලැබිච්ච අධ්‍යාපනය සමඟ මම ගුරුවරුන්ට බොහෝ ගරු කරන කෙනෙක්. මගේ ගුරුවරයෙක් පාරෙ දැක්කත් වාහන බැහැලා ගිහිල්ලා වදිනවා. ඒ් ගෞරවය හැම ගුරුවරයෙක්ට ම තියෙනවා. වරදක් කළොත් ගුරුවරයෙක් හෝ වෙන කවුරු වුනත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි. අපි ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිනවා අහිංසක දරුවන්ට දඬුවම් කරන්න එපා කියලා. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරල විසදගන්න පුළුවන් බව මහජන ආරක්ෂක අමාත්‍ය ක්‍රියාත්මක ආචාර්ය සරත් වීරසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙක්ද සහභාගි විය.

Related posts

හර්ෂණ වන්නිනායක නමින් පෙනී සිටිමින් ඉස්ලාම් අන්තවාදී කටයුතු සිදු කල මුස්ලිම් ජාතිකයා අත්අඩංගුවට

colombotoday

අමාත්‍ය ධූර කිහිපයක සංශෝධනයක් – කෙහෙළිය සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවතට..

Admin

කටුනායකදී ලෙබනන් ජාතිකයෙකුගේ ඩොලර් 14,000ක් සොරා ගත් චීන ජාතිකයෙකු සොයා විමර්ශන..

Admin

ජනාධිපති මන්දිරයෙන් අරගලකරුවන් සොයා ගත් කෝටි 2ක ගෝඨා ඉල්ලයි

Admin

හරක් කටා වෙනුවෙන් ඉදිරිපත්වීමට එරෙහිව සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්

Admin

දණගැස්වූ ගුරුවරියගෙන් ඌව මහ ඇමති මිලියන 500ක් ඉල්ලයි

colombotoday