Covid 19

බුස්ස බන්ධනාගාරයේ රැදවියන් 33කට කොරෝනා

බුස්ස බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි රැදවියන් 33 දෙනෙකුට හා ගාල්ල බන්ධනාගාරයේ එක් රැදවියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි.

ගාල්ල හා කළුතර යන දිස්ත්‍රික්කවල පිහිටි අධිකරණ මගින් රක්ෂිත බන්ධනාගාරගත කරණු ලබන රැදවියන් බුස්ස බන්ධනාගාරයේ නිරෝධායනය කරණ අතර පසුව පසුගිය (08) වෙනිදා කරණු ලැබු පි.සි.ආර්. පරික්ෂණවල ප්‍රථිපල ඊයේ (11) ලැබි ඇත.

එම ප්‍රථිපල අනුව මෙම රැදවියන්ට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇත. බුස්ස බන්ධනාගාරයේ කොරෝනා ආසාදිත රැදවියන් 33 දෙනාගෙන් 12 දෙනෙකු මාතර වටරැක බන්ධනාගාරය වෙතද 21 නෙකු අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත ප්‍රථිකාර සදහා යොමුකොට ඇති බවද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි.

කොරෝනා වසංගතය ආරම්භ වි මේ දක්වා කාලය තුලදි බුස්ස බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි රැදවියන් 555 දෙනෙකු වෙත හා ගාල්ල බන්ධනාගාරයේ රැදවියන් 102 දෙනෙකු වෙත කොරෝනා වෛරසය අසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද සෞඛ්‍යසේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි.

Related posts

ඊයේ තහවුරු කල තවත් කොවිඩ් මරණ 22ක්

colombotoday

කොවිඩ් ආසාදිත කැලෑ සත්වයෙක් ප්‍රථමවරට වාර්තා වෙයි.

colombotoday

කොරෝනා ආසාධිත සංක්‍යාව 100 දක්වා ඉහලට

colombotoday

කොරෝනා රෝගීන් 16 දෙනෙකු හඳුනා ගැනේ

colombotoday

කොවිඩ් ආසාදිතයින් 109ක්

colombotoday

ඊයේ පුත්තලමේදී හමුවූ කොරෝනා ආසාදිතයින් 10 ක් අයි ඩී එච් රෝහලට

colombotoday