Colombo Today Sports News

මෙවර ඔලිම්පික් උළෙල ප්‍රේක්ෂකයින්ට තහනම් කරයි

ජපානයේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල නරඹන්නන් නොමැතිව පැවැත්වීමට තීරණය කර තිබේ. ඔලිම්පික් උළෙලේ සංවිධායක මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත්තේ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

කොරෝනා වෛරසයේ පැතිරයාම සලකා ටෝකියෝ හි හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. එය ක්‍රීඩා උළෙල පුරා ක්‍රියාත්මකයි. ඒ අනුව එම හදිසි තත්ත්වය ජූලි 12 වනදා සිට අගෝස්තු 22 වනදා දක්වා ක්‍රියාත්මක වන බවයි අගමැති යොෂිහිඩ් සුගා කියා සිටියේය. ඒ යටතේ මත් පැන් අලෙවිහල් සහ අවන්හල්වලට මත්පැන් අලෙවි කිරීමට ඉඩ නොලැබෙන අතර රාත්‍රී 08 ට ඒවා වසා දැමිය යුතුයි.

ජපානයේ කොරෝනා වෛරස් ආසාදන ඉහළ යමින් ඇත්තේ ටෝකියෝ නුවරදී ජූලි 23 දා ඔලිම්පික් උළෙල ආරම්භ වීමට සියලු කටයුතු සූදානම් කර තිබියදී වීම කැපී පෙනෙන තත්ත්වයකි. ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලට කල්දැමීම හෝ අවලංගු කරන ලෙස ඉල්ලා මේ වන විටත් පුළුල් විරෝධයක් එල්ල වී තිබේ. කෙසේ වෙතත් ටෝකියෝ ඔලිම්පික් සංවිධායකයින් පවසන්නේ ඉතා සීමිත ආකෘතියක් යටතේ ක්‍රීඩා උළෙල පවත්වන බවයි. ප්‍රවේශපත් මිලදී ගත් සියලු දෙනාට කණගාටුව පළකරන බවත් ඔලිම්පික් උළෙල ප්‍රේක්ෂකයින් නොමැතිව පැවැත්වීම හද කම්පා කරවන දෙයක් බව ඔවුන් පවසයි.

ඔලිම්පික් ක්‍රීඩා උළෙල ජූලි 23 සිට අගෝස්තු 8 දක්වා ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වීමට නියමිතය. පැරා ලිම්පික් ක්‍රීඩා උළෙල අගෝස්තු 24 සිට සැප්තැම්බර් 5 දක්වා පැවැත්වීමටයි සැලසුම් කර ඇත. ජපානය තුළ කොරෝනා නව රැල්ලක් අප්‍රේල් මාසයේ ආරම්භ වූ නමුත් සමස්තයක් ලෙස රට තුළ රෝගීන් සංඛ්‍යාවේ සහ මරණ සංඛ්‍යාවේ සාපේක්ෂ අඩු වීමක් පෙන්නුම් කර තිබුණි. එහෙත් පෙරේදා වන විට ජපානයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 2,180 ක් වාර්තා වූ අතර ඉන් 920 දෙනෙකුම වාර්තා වන්නේ ටෝකියෝ නුවරින්ය.

Related posts

ජාතික ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය කල් දැමීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තීරණය කරයි

colombotoday

LPL විදෙස් ක්‍රීඩකයින් පිරිසක් දිවයිනට

colombotoday

මෙරට ක්‍රිකට් වංශකතාව අලුත් කරන LPL තරඟාවලිය අද හම්බන්තොටදී ඇරඹේ

colombotoday

සනත්ට ලොකු වගකීමක්

Admin

ශ්‍රී ලංකා කණ්ඩායමට දරුණු පරාජයක්

colombotoday

දකුණු ආසියාවේ වේගවත්ම කී‍්‍රඩකයා යළිත් ලංකාවෙන් බිහි වෙයි

colombotoday