නව වසර උදාවන අවස්ථාවේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කතරගම දේවාලයට පැමිණ සිටියේය. එම අවස්ථාව වන විට දුමින්ද දිසානායක, විජිතමුණි සොයිසා ඇතුළු යහපාලන ආණ්ඩුවේ මැති ඇමැතිවරු පිරිසක් ද දේවාලයට ගොස් සිටියහ.
මහා ජනතාය අතරේ විජිතමුණි සොයිසා ව දුටු මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ හිසට අත තියා නව වසරට සුබ පැතීය.
පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වූ විජිතමුණි සොයිසා “අප්පච්චි මළා..” යැයි කියමින් ජනපතිවරණයෙන් ජයග්රහණය කළ මෛත්රීපාල සිරිසේන මහතා සමග එකතු විය.