Colombo Today Local News

සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති 15ක් ආරම්භ කළ වර්ජනය තවදුරටත්

පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තීන් 15ක් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය හේතුවෙන් මහජනතාව දැඩි පීඩාවට පත්ව තිබේ.

ඉල්ලීම් 14ක් මුල්කර ගනිමින් ඊයේ(05) උදෑසන ආරම්භ වූ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝහල් රැසක ප්‍රතිකාර සේවා, ඖෂධ නිකුත් කිරීම, රසායනාගාර සේවා, විකිරණ පරීක්ෂණ ඇතුළු අංශ රැසක රෝගී සත්කාරක සේවා අඩාල විය.

මේ අතර ඊයේ පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යවරිය සමග පැවති සාකච්ඡා ද අසාර්ථක වූ බව පරිපූරක වෛද්‍ය සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසුවේය.

ඒ අනුව, ඔහු වැඩිදුරටත් පැවසුවේ සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවය.

Related posts

මාර්ග අධිකාරියට උපදේශකයෝ 45ක්.. පක්ෂෙට වැඩ කරපු නිසා තනතුරු දුන්නා – ඇමති කිරිඇල්ල

colombotoday

කොටි සැකකරුවෝ ඇප ඉල්ලා උසාවිය ළඟ යකා නටති

colombotoday

වෙළද ඇමති බන්දුලගේ තවත් නීති විරෝධී වැඩක් රන්ජිත් විතානගේ හෙළිකරයි.

colombotoday

“යොවුන් පුරය කදිම තෝතැන්නක් වුණා” – අගමැති

colombotoday

බරපතළ සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේට ඇප

Admin

පළමු ඩිජිටල් උප්පැන්නය නිකුත් කෙරේ….

Admin