Business

චීනයෙන්, බංගලාදේශයෙන්, ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් කෝටි 215 ක හදිසි ණයක්

ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ විනිමය සංචිතය සැලකිය යුතු ලෙස පහළ බැසීමත් සමග ඇතිව තිබෙන ආර්ථික අර්බුදය සමනය කර ගැනීම සඳහා කෙටිකාලීන පියවරක් ලෙස ඉදිරි මාස දෙක තුළ,රටවල් තුනකින් ඇමරිකානු ඩොලර් කෝටි 215ක හදිසි ණයක් ලබා ගැනීමට රජය තීරණය කර ඇත.

ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් කෝටි හතළිහක් ද ,බංගලිදේශයෙන් ඩොලර් කෝටි 25 ක් ද ,චීනයෙන් ඩොලර් කෝටි 150 ක් ද මේ යටතේ ලබා ගැනෙනු ඇත .

ඉන්දියාවෙන් හා බංගලිදේශයෙන් ලබා ගැනෙන ඩොලර් කෝටි 65ක ණය මුදල මුදල් හුවමාරු පහසුකම් යටතේ ලබා ගැනීමට තීරණය කර ඇත .

ඉන්දියාවෙන් ලබාගෙන ඩොලර් කෝටි 40 ක හුවමාරු ණය පහසුකම මාස නවයකින් ගෙවීමේ පදනම යටතේ අදියර දෙකකින් ලබාගැනෙන අතර ,බංගලිදේශයෙන් ලැබෙන ඩොලර් කෝටි 25 ක හුවමාරු ණය පහසුකම අදියර තුනකින් ලබාගැනීමට නියමිතය .

චීනයෙන් ලබා ගැනෙන ඇමරිකානු ඩොලර් කෝටි 150ක ණය මුදල දිගුකාලීන ණයක් ලෙස ලබා ගැනීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .

මේ අතර, මේ මාසය තුළ කල් පිරුණු විදේශ ණය ඇමරිකානු ඩොලර් කෝටි 100ක මුදලක් ගෙවීමට නියමිතව ඇතැයි ද රජයේ ආරංචි මාර්ග කියයි .

ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 4.2ක් පමණ දක්වා මේ වන විට අඩු වී ඇති අතර ,එය ප්‍රමාණවත් වන්නේ මාස තුනක ආනයන සඳහා පමණක් බව රජය පසුගියදා ප්‍රකාශ කළේය .

විදේශ විනිමය සංචිත වලට සැලකිය යුතු තරමේ විදේශ විනිමය ගලා ඒමක් ඉතිරි කාලය තුළ අපේක්ෂා කළ නොහැකි බවත්,විදේශ විනිමය ණය ආපසු ගෙවීමට ඇති බැවින්, ඉදිරි කාලය තුළ විදේශ විනිමය සංචිතය තවදුරටත් පහත වැටෙනු ඇති බවත් මහ බැංකුව රජයට පෙන්වා දී ඇත .

Related posts

ඩොලරයක විකුණුම් මිල රුපියල් 260 ට නගී

colombotoday

ඩොලරයක විකුණුම් මිල 308 ඉක්මවයි

colombotoday

ඉන්දීය IT වෘත්තිකයින්ට ඇමරිකාව වැට බඳියි!

colombotoday

මාළු අපනයනයට සියයට 15 ක බදු සහනයක්

colombotoday

කඩේ මිලට වඩා මිල වැඩියි. – Pick Me සහ Uber කරන කූට වැඩේ

colombotoday

Food goes digital: Online grocery shopping becomes popular

colombotoday