Colombo Today Local News

අරාබි රට වලට කසළ තේ යැවීමේ ජාවාරම පිටුපස නැව් සමාගමක ලොක්කෙක්

“ශ්‍රී ලංකා පිරිසිදු තේ”නමින් කසළ තේ ඉරාකය ඇතුළු අරාබි රටවලට යැවීමේ ජාවාරමකට නැව් සමාගමක ජ්‍යෙෂ්ඨ විධායක කළමණාකරුවෙකු සම්බන්ධ බවට රේගු අවදානම් කළමනාකරණ ඒකකයේ නිලධාරීන් අනාවරණය කරගෙන ඇත.

කසළ තේ ශ්‍රී ලංකා පිරිසිදු තේ නමින් අරාබි රටවලට ආනයනය කිරීමේ ජාවාරමක් රේගු අවදානම් කළමනාකරණ ඒකකය පසුගිය කාලයේ අනාවරණය කරගනු ලැබූ අතර, මේ සම්බන්ධව කොළඹ අලුත්කඩේ අංක 06 මහේස්ත්‍රාත් අධිකරණයේ බී/47421/6/21 දරන නඩුව ගොනුකර ඇත.

ඩුබායිවලට යවා තිබූ කසළ තේ බහාලුම් හතරක් මීට පෙරදී රේගුව විසින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරනු ලැබූ අතර, කසළ තේ ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් 04 දෙනෙකු අත්අඩංගුවට ගැනීමටද රේගුව සමත් විය.

ශ්‍රී ලංකා පිරිසිදු තේ නමින් ඉරාකයට අපනයනය කරන ලද කසළ තේ අඩංගු අඩි 40 ක් දිගැති බහාලුම් දෙකක් නැවත මෙරටට ගෙන්වා ගැනීම සදහා ඉකුත් මාර්තු මස 09 වැනිදා රේගුව විසින් අදාළ නෞකා සමාගමට ලිඛිතව දන්වනු ලැබූවත්, මෙතෙක් එම කසළ තේ තොගය මෙරටට රැගෙන ඒමට කටයුතු නොකළ බවට රේගු අවදානම් කළමනාකරණ ඒකකයේ සහකාර රේගු අධිකාරි කැලුම් තුෂාර අධිකරණයට දන්වා තිබුණි.

නෞකා සමාගම අධිකරණයට දන්වා ඇත්තේ අදාළ විධායක ජ්‍යෙෂ්ඨ කළමනාකරු සේවයෙන් පහකර තිබෙන බවය.

Related posts

මැතිවරණය ජය ගත් පසු ජනතාවට ආර්ථික පැකේජයක් ලබාදෙනවා- සජිත්

colombotoday

ව්‍යාජ දළදා මාලිගාවේ වහල ගලවයි… හිටපු පා. මන්ත්‍රී මර්වින් සිල්වා තගේකුත් දායි

Admin

ජනපතිට නොබෙල් තෑග්ග දීමට යෝජනාවක්

colombotoday

මහ කැළයේ මදුරුවන් තලමින් මොරගහකන්දේ වේල්ල සැලසුම් කළ මහා විද්වතා, කුලසිංහයන්..!!

colombotoday

“පිං මන්ත්‍රීකම” Facebook කොමෙන්ටුවෙක් නිසා පත්කළ මන්ත්‍රී පහරදීලා

colombotoday

“එන වසරේ සිට සියළු සිසුන් සාමාන්‍ය පෙළ සමත් කරනවා.. අධ්‍යාපන ක්‍රමය වෙනස් කරනවා” – අකිල

colombotoday