Colombo Today Local News

යුද හමුදා මේජර් ජෙනරාල්වරයා අත්අඩංගුවට

වනජීවී නිලධාරීන් සමග ඇතිවූ සිද්ධියට සම්බන්ධ යුද හමුදා මේජර් ජෙනරාල්වරයා හබරණ පොලීසියට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, අත්අඩංගුවට ගත් යුද හමුදා මේජර් ජෙනරාල්වරයා මේ වනවිට කැකිරාව අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති බවයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වනජීවි නිලධාරීන් මෙන්ම මේජර් ජෙනරාල්වරයා විසින් ද හබරණ පොලීසියට පැමිණිලි කර ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසී ය.

මේ අතර මින්නේරිය ජාතික වනෝද්‍යානයට ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු ඇතුළු කණ්ඩායමක් අනවසරයෙන් ඇතුළු වීම හේතුවෙන් මතුවූ තත්ත්වය වාර්තාවීමත් සමග යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඒ පිළිබඳ සෙවීමට ජ්‍යෙෂ්ඨ මේජර් ජෙනරාල්වරුන් දෙදෙනකු යටතේ කමිටුවක් පත් කළේ ය.

Related posts

අපි ඉල්ලන්නෙත් නැතුව ලෝක බැංකුවෙන් සල්ලි දුන්නා

Admin

ලීසිං සීසර්ලාගේ නීති විරෝධී වැඩ වළක්වන්න ජනපතිගෙන් නියෝගයක්

colombotoday

අට වෙනිදා පාර්ලිමේන්තුවේ පෙරළියක්…

colombotoday

ජනපති ගෝඨාභයගේ ප්‍රකාශය අපි සතුටින් භාරගන්නවා – TNA සැර බාල වෙයි

colombotoday

(Video) ඊයේ සමුගත් විජය නන්දසිරි රංගවේදියාණන් පෙරේදා රගපෑ අවසන් ප්‍රහසනය මෙන්න

colombotoday

අටුලුගම සංචරණයන් සෙවීමට හෙලිකොප්ටර් යානා

colombotoday