Colombo Today Local News

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ආසන්න මුහුදේ පවතින ද්‍රව්‍යයන් 54 ක් හඳුනා ගනී

කොළඹ වරායට ආසන්න මුහුදේදී ගිනිගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ආසන්න සාගරයේ පවත්නා ‘ද්‍රව්‍යයන් 54 ක්’ හඳුනා ගැනීමට ඒ වෙනුවෙන් යොදවා ඇති ඉන්දීය නාවික හමුදාවට අයත් අධිතාක්ෂණික පහසුකම් සහිත නෞකාවට හැකියාව ලැබී ඇති බව කොළඹ ඉන්දීය තානාපති කාර්යාලය පවසයි.

ඉන්දීය නාවික හමුදාවට අයත් සර්වේක්ෂක් (Survekshak) මෙම මෙහෙයුම සඳහා යොදවා ඇති අතර ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත එම නෞකාව කොළඹ වරායට ළඟාවන ලද්දේ පසුගිය ජුනි 24 වැනිදාය.

මෙම නෞකාව විසින් පසුගිය දින කිහිපයේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිලී ඇති සාගර ප්‍රදේශයේ සැතපුම් 208 ක වපසරිය තුළ සිදුකරන ලද පැති ස්කෑනර් සෝනාර් පරීක්ෂාවන්ගෙන් (Side Scan Sonar Survey) සාගරයේ පවතින මෙම ද්‍රව්‍යයන් නිරීක්ෂණය කර ඇත.

සංවේදක සහිත සමීක්ෂණ බෝට්ටු දෙකක සහ ගුවන් සහාය මෙම මෙහෙයුමට අතිරේක දායකත්වයක් ලබාදී තිබේ.

Related posts

වැඩ වැරදෙන චාමර

Admin

සිංහරාජයත් අනතුරේ! වන රක්ෂිතය වනසා ජලවිදුලි ව්‍යාපෘතියක් හදයි [Photo]

colombotoday

කරුණා අම්මාන් ප්‍රකාශ ලබා දීම සඳහා CIDයට පැමිණෙයි

colombotoday

තිරසාර විසඳුම් ලැබෙන තෙක් ලෝක බැංකුවෙන් මූල්‍ය ආධාර

colombotoday

ඊයේ තැබූ වාර්තාව අද කඩයි.. ඩොලරය තවත් ශත 96කින් නගී.. 160 සීමාව පනී…

colombotoday

අලිවැට සංරක්ෂණයට නිලධාරීන් 4,500ක්

Admin