Colombo Today Sports News

එංගලන්ත කෑමෙන් පසු මහ රෑ විදී දිගේ සිගරට් උරමින් සිටි කුසල් සහ දික්වැල්ල කණ්ඩායමෙන් දොට්ට

එංගලන්ත තරග සංචාරය සඳහා ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු වහාම යලි මෙරටට කැඳවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා ප්‍රකාශ කර සිටි.

කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින් දෙදෙනා මෙලෙස ශ්‍රී ලංකාවට යළි කැඳවීමට තීරණය කර ඇති බවත් කණ්ඩායමේ කළමනාකරු ගෙන් මේ සම්බන්ධයෙන් වාර්තාවක් ද ඉල්ලා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා පවසයි.

මෙම ක්‍රීඩකයින් දෙදෙනා එංගලන්තයේ, Durham හී රාත්‍රී කාලයේ විදියක සැරිසරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල සැරිසැරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කරන බවත් ක්‍රීඩකයින් සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියා මාර්ග ගන්නා බවයි සභාපතිවරයා පැවසිය.

එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති විස්සයි 20 තරගාවලිය තරග 3-0 ක් ලෙස පසුගියදා පරාජයට පත්විය.

Related posts

කාලිංගට ඉන්දියාවේදී රන් පදක්කමක්

colombotoday

ආසියානු යොවුන් ශුරතාවලියේදී ශ්‍රී ලංකාවට තවත් පදක්කම්!

Admin

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අද තරග බිමට

Admin

රොනාල්ඩෝ සෞදියේ නීතියක් කඩකරයි

Admin

ඇෆ්ගනිස්ථානය, ඉන්දියාව විසිවෙයි – ශ්‍රී ලංකාව සහ පකිස්ථානය ආසියානු කුසලානයේ අවසන් සටනට…

colombotoday

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු එක්දින තරඟය අද

colombotoday