Colombo Today Local News

බස්රථ සහ දුම්රිය ගමන් වාර ඉහළට

බස්රථ සහ දුම්රිය ගමන් වාර අද (28) දිනයේ සිට ඉහළ නැංවීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

ඒ අනුව දුම්රිය ගමන් වාර 70ක් අද දිනයේදී අලුතින් ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කෙසේ වෙතත් අන්තර් පළාත් දුම්රිය ධාවනය කිරීමට මේ දක්වාත් අවසර ලබා දී නොමැති බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා මෙහිදී සඳහන් කළේය.

ලංගම බස්රථ සේවාවන් සම්බන්ධයෙන් අදහස් දක්වන ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා.

මේ අතර ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවාවන් අද දිනයේ සිට යළි ආරම්භ කෙරෙන බව එම ආයතනය පවසයි.

කෙසේවෙතත් ඊ චැනලින් සේවාව මඟින් වේලාව වෙන් කරවා ගත් සේවාලාභීන් සඳහා පමණක් සේවා සපයනු ලබන බව එම ආයතනය සඳහන් කළේය.

පවතින කොවිඩ් -19 වෛරස තත්ත්වය හේතුවෙන් වේරහැර, පොළොන්නරුව, නුවරඑළිය හා කළුතර යන ශාඛා මගින් සිදුකෙරෙන සේවා තවදුරටත් සිදුනොකෙරෙන බව ද ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සඳහන් කරයි.

මේ අතර ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණෙන අයදුම්කරුවන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හෝ ප්‍රාදේශීය කාර්යාල අමතා දිනයක් සහ වේලාවක් වෙන් කරවාගෙන පැමිණෙන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය මෙන්ම මාතර, වව්නියාව, මහනුවර, කුරුණෑගල යන ප්‍රාදේශීය කාර්යාල ද සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සීමිත සේවාලාභින් පිරිසක් සඳහා විදේශ ගමන් බලපත්‍ර ලබාදීම මේ වන විට සිදුකරනු ලබයි.

ඒ අනුව අත්‍යවශ්‍ය සේවා අවශ්‍යතා පවතින පුද්ගලයින් තමන් පදිංචි ස්ථානයට ආසන්නතම කාර්යාලයට පැමිණෙන ලෙසත්, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය ඔස්සේ දිනයක් සහ වේලාවක් වෙන් කරවා ගන්නා ලෙසත් දැනුම්දෙයි.

මේ අතර ආයතන පරිශ්‍රයන් තුළ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අද දිනයේ විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

Related posts

වගාවට එන සතුන්ට ඕන දෙයක් කරන්න

Admin

“ටොසී“ බුද්ධි සේවාවේ මහ කොටියෙක් උතුරු ඇමතිගේ උපාය උපදේශකකමට

colombotoday

2020 තීන්දුව කණපිට ගසා මීලග ඡන්දෙන් ජනතාව අපට දරුණු තීන්දුවක් දෙන්න ඉඩ තිබෙනවා – විදුර

colombotoday

දේශගුණික සෞභාග්‍ය සැලැස්ම ට බ්‍රිතාන්‍ය සහය

Admin

සර්ලා අපට දෙයක් කලොත් අපිත් ඉතින් බොක්කෙන්ම දෙනවා – රන්පදක්කම දිනා ගත් දිනේෂ් ඇමති නාමල්ට කියයි

colombotoday

13 හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙකු සමග නවාතැනක සිටි ගුරා අත්අඩංගුවේ

Admin