Colombo Today Local News

කෝටි හැටදාහක ටෙන්ඩරය ඉල්ලා ඇමරිකන් තානාපතිගෙන් ගම්මන්පිලට බලපෑම්

ශ‍්‍රී ලංකාවේ ඉදිකිරීමට නියමිත මහා පරිමාණ තෙල් පිරිපහදුවේ ටෙන්ඩරය ඇමරිකානු ඉදිකිරීම් ආයතන වෙත ලබාදෙන ලෙස බලපෑම් කිරීම සඳහා ඇමරිකන් තානාපතිවරිය පසුගියදා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා හමුවී ඇත.

දැනට ශ‍්‍රී ලංකාවේ සාර්ථක ලෙස ක‍්‍රියාත්මක වන්නේ 1969 දී ක‍්‍රියාත්මක කරන ලද තෙල් පිරිපහදුව පමණි. නව පිරිපහදුවක් ඉදිකිරීම සඳහා ලක් රජය 1983 දී සිට අසාර්ථක උත්සාහයක යෙදිණි. දැනට පවතින තෙල් පිරිපහදුව දිනකට අමු තෙල් බැරල් 38,000 ක් පිරිපහදු කරන අතර එම ප‍්‍රමාණය දිනකට තෙල් බැරල් 45,000 දක්වා ඉහළ නැංවීමට කටයුතු යොදාගෙන යනු ලැබේ. ඊට අමතරව දිනකට තෙල් අමු තෙල් බැරල් 100,000 ක් පිරිපහදු කළ හැකි නව යන්ත‍්‍රාගාරයක් ඉදිකිරීමට රජය කටයුතු යොදා ඇත.

මෙහි සම්පූර්ණ පිරිවැය ඇමරිකන් ඩොලර් බිලියන තුනක් හෙවත් රුපියල් කෝටි 60000 කි. ඒ අනුව එය මෙරට ඉතිහාසයේ වැඩිම මුදලක් ආයෝජනය කෙරෙන ඉදිකිරීම වනු ඇත. මීට කලින් හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ඩොලර් බිලියන 1.350 ක් වැය වූ අතර නොරොච්චෝලේ බලාගාරය සඳහා ඩොලර් බිලියන නවසීයක් වැය විය. ඉදිකිරීමට යෝජිත නව පිරිපහදුව BOT පදනම යටතේ (වෙනත් පාර්ශ්වයක් විසින් ඉදිකොට පවත්වාගෙන ගොස් රජයට පැවරීම) ක‍්‍රියාත්මක කෙරෙනු ඇත. නව පිරිපහදුව ක‍්‍රියාත්මක වීමෙන් පසු ශ‍්‍රී ලංකාවට වාර්ෂිකව ඩොලර් මිලියන 300 ක් ඉතිරි වනු ඇත.

Divaina

Related posts

ඩඩ්ලි සිරිසේනත් ජනාධිපතිවරණයට ?

colombotoday

ගෙලට පිහියකින් පහරදී පුද්ගලයෙක් මරා දාලා

colombotoday

යුද්ධ හමුදා නිළධාරින් වෙනුවෙන් නව ණය යෝජනා ක්‍රමයක්

colombotoday

බස් රථයක් වෑන් රථයක ගැටී මාස 4ක බිළිඳෙක් මිය යයි

Admin

රංජිත් මද්දුමබණ්ඩාරගේ අභියාචනය කැඳවයි

colombotoday

කන්දකාඩු රැඳවියන් හමුවීමට පැමිණි ඥාතීන් 119ක් නිරෝධායනයට

colombotoday