Colombo Today Local Newsfeatured

ඩො. මි. 123ක පොහොර ව්‍යාපෘතියෙන් කැබිනට් ඇමතිවරයෙකු පගාව ඉල්ලලා

ඔයාල යුරෝ ඩොලර් අරගෙන එනවා මෙහෙ ප්‍රොජෙට් කරන්න, අපිටත් මොනවහරි කරන්න” යැයි ඇමති කියයි.

මෙරට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මහා පරිමාණ කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘති දෙකකට අනුමැතිය ලබා දීමට කැබිනට් අමාත්‍යවරයෙකු යම් කිසි මුදලක් අල්ලස් වශයෙන් ලබා දෙන ලෙස අදාළ ව්‍යාපෘතිය භාර මෙරට නියෝජිතයාගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි.

අදාළ ව්‍යාපෘති දෙක සඳහා යුරෝපයේ සිටින ශ්‍රීලාංකික ව්‍යවසායකයෙකු ඇමරිකානු ඩොලර් මිලියන 123ක ආයෝජනයක් කිරීමට සුදානමක් ඇති පසුබිමක මෙලෙස මුදලක් ඉල්ලා ඇති බව එම ව්‍යාපෘතියේ මෙරට නියෝජිත නිමලන් විශ්වනාදන් මහතා සඳහන් කළේ.

ත්‍රිකුණාමලය හා වව්නියාව ප්‍රදේශවල ආරම්භ කිරීමට සැලසුම් කර ඇති මෙම ව්‍යාපෘති සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේද අවශ්‍ය අනුමැතිය ද ලැබී තිබියදී අදාල අමාත්‍යවරයා මෙම අල්ලස ඉල්ලා ඇති බව සඳහන් වෙයි.

මෙහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ ‘ඔයාල යුරෝ ඩොලර් අරගෙන එනවා මෙහෙ ප්‍රොජෙට් කරන්න, අපිටත් මොනවහරි කරන්න’ යනුවෙනි.

මෙම කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතිය භාර යුරෝපයේ ආයෝජකයා ප්‍රකාශ කර ඇත්තේ මේ සඳහා යම් මුදලක් රජයේ අමාත්‍යවරයකු බලාපොරොත්තු වන්නේ නම් ශ්‍රී ලංකාව තුළ අදාළ ව්‍යාපෘති සිදු නොකරන බවයි.

එම ව්‍යාපෘතියේ මෙරට නියෝජිත නිමලන් විශ්වනාදන් මහතා පවසන්නේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කරන බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග වැඩ කරන්නේ මේ වගේ ඇමතිවරු ඉන්න කළ මේ රට දියුණු කරන්න බැහැ,
එම නිසා මෙවැනි අමාත්‍යවරු මෙන්ම රාජ්‍ය නිලධාරීන් තවදුරටත් රැදී සිටිමින් කටයුතු කිරීම ජනාධිපතිට මෙරටට ආයෝජන ගෙන්වා ගැනීම මහත් ගැටළු සහගත බවයි කාබනික පොහොර ව්‍යාපෘතියේ මෙරට නියෝජිත නිමලන් විශ්වනාදන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ඉන්දික ශ්‍රී අරවින්ද

Related posts

ගුරුවරුන්ට දෙවැනි එන්නත් මාත්‍රා දුන් වහාම පාසල් අරිනවා

colombotoday

පැරකුම් යුගයක්‌ යළි අරඹනවා – අගමැති රනිල් වික්‍රමසිංහ කියයි

colombotoday

නව ඛනිජ තෙල් මිල සංශෝධනය

Admin

අසීරු සෑම අවස්ථාවකදීම පක්ෂය ආරක්ෂා කරගත්තා. දිනන්න පුලුවන්නම් ඉන්නවා. බැරිනම් යනවා. රනිල් කියයි

colombotoday

ඩයනා ඇතුළු පිරිසගේ ගුටි කෙළිය ගැන සොයන්න පත්කල මැතිසබා කමිටුවට කැඳවයි

Admin

බ්‍රිතාන්‍යයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයෙක් මරුට

colombotoday