Colombo Today Local News

අදත් ප්‍රදේශ කිහිපයකට කැස්බෑ සිරුරු ගොඩ ගසයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන මුහුදුබත් වීමේ සිදුවීමේ සිට මුහුදු සත්ත්වයින්ගේ සිරුරු වෙරළට ගොඩ ගැසීම සුලබ සිද්ධියක් බවට පත් ව ඇත.

අද(24)දින උදෑසන රත්මලාන මුහුදු වෙරළට මියගිය කැස්බෑවුන් දෙදෙනකුගේ සිරුරු ගොඩ ගසා තිබුණි.

පසුගිය දින කිහිපයේ මියගිය කැස්බෑවුන් කිහිපදෙනෙකු ගොඩගසා තිබූ ගල්කිස්ස වෙරළට ද කැස්බෑවකු ගොඩගසා තිබේ.

කිලෝ 40 ට ආසන්න බරකින් යුත් තවත් කැස්බෑවකු අද ගොඩගසා තිබුණේ, කටුකුරුන්ද වෙරළ තීරයටයි.

මේ අතර අඟුලාන, බහිනතොටපුර ප්‍රදේශයට ද අද උදෑසන කැස්බෑ සිරුරක් ගොඩගසා තිබුණි.

Related posts

කිඹුල ඇලේ ගුණාගේ ගෝලයෙකු අත්අඩංගුවට

colombotoday

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙකුට මරණීය තර්ජන එල්ල වෙලා

Admin

මම IGP ට කිව්වා එයා මේක සීරියස් ගත්තේ නැහැ- හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ ජනාධිපති කොමිසමට සාක්ෂි දෙයි

colombotoday

නෙළුම් කුලුනේ පළමු දින ආදායම මිලියනය ඉක්මවයි

colombotoday

හෙට (29/සඳුදා) යලිත් මහවැසි!

colombotoday

වටරැක බන්ධනාගාරයේ රැදවියන් 58ක් අතුරුදහන්

colombotoday