Colombo Today Local News

හැටන් ගාමිණි පුර ජනතාව ගොදුරු සොයා එන දිවියන් නිසා භීතියෙන්

හැටන් සිංගිමලේ රක්ෂිතයේ සැරිසරන අදුන් දිවියන් ගොදුරු සොයා රාත්‍රී කාලයේ තම නිවාස අසලට පැමිණිම නිසා තමන් දැඩි භීතියට පත් වි සිටින බව හැටන් ගාමිණිපුර ජනතාව පවසයි.

රාත්‍රී කාලයේ අදුන් දිවියන් කිහිප දෙනෙකු සුනඛයින් සහ බළලුන් දඩයම් කිරිම සදහා සිය ගම්මානයට පැමිණෙන බවයි ප්‍රදේශවාසීන් පවසයි.

එලෙස ගම්මානයට පැමිණෙන අදුන් දිවියන් එම ප්‍රදේශයේ නිවාසවල සවි කර ඇති ආරක්ෂිත කැමරා පද්ධති වලද සටහන් වි තිබේ.

මේ හේතුවෙන් රාත්‍රී කාලයේ නිවසින් බැහැර විමට හැටන් ගාමිණිපුර ජනතාව බියෙන් පසුවන බවයි වාර්තා වන්නේ.

Related posts

උඩරට දුම්රිය මාර්ගයේ අවහිරතා අවසන්

Admin

උතුරේ බෞද්ධ විහාරස්ථානවලට තර්ජණ උග්‍ර වේ.. ජනපති නිහඩයි !

colombotoday

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා සිටින අයගේ තොරතුරු දෙන්නැයි නියෝග

colombotoday

අර්ජුන මහේන්ද්‍රන්ගේ බිරිද සිංගප්පූරුවේදී අගමැති රනිල් හමුවෙයි..

colombotoday

ශ්‍රී ලංකා – තායිලන්ත වෙළෙඳ ගිවිසුමට අදාළ තුන්වැනි වටයේ සාකච්ඡා අදින් ඇරඹෙයි.

Admin

විදුලිය ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව සදුදා කැබිනට්ටුවට

colombotoday