World

තලේබාන් සංවිධානයට එරෙහිව ඇෆ්ගනිස්තානයේ සිවිල් වැසියෝ අවි ගනිති

තලේබාන් සංවිධානයට එරෙහිව සටන් වැදීම සදහා ඇෆ්ගනිස්තානයේ පළාත් රැසක සිවිල් වැසියන් ආයුධ සන්නද්ධ වී ඇති බව වාර්තා වේ.

එරට මාධ්‍ය වාර්තා කළේ, ටක්හාර්, බල්ක්හ්, බගිලන්, යන උතුරැ දිග පළාත්වලත්, බටහිරට වන්නට පිහිටි බාද්ගිස් පළාතේත් වැසියන් තලේබාන් සංවිධානයට එරෙහිව අවි අතට ගෙන ඇති බවයි.

මධ්‍යම ඇෆ්ගනිස්තානයේ පර්වාන් පළාතේ වැසියන් විශාල පිරිසක් ද තලේබාන් සංවිධානයට එරෙහිව සටන් වැදීම සදහා අවිඅතට ගෙන ඇති බව වාර්තා වේ.

මෙම සිවිල් ජනතාව ඇෆ්ගනිස්තාන රජයේ හමුදා සමග එක්ව තලේබාන් සංවිධානයට එරෙහිව ස⁣ටන් වැදීමට සූදානම් බව එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

සැප්තැම්බර් මස 11 වනදා ඇමරිකානු හමුදා සම්පූර්ණයෙන්ම ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කර ගැනීමට නියමිත අතර ඊට සමගාමීව එරට තුළ සිය පාලනය තහවුරැ කර ගැනීම සදහා තලේබාන් සංවිධානය දැනටමත් සටන් ආරම්භ කර ඇත.

Related posts

හජ් දා මැරූ සතුන්ගේ රුධිරයෙන් සැදුණු බංග්ලාදේශයේ ලේ ගංගාව !

colombotoday

සිරියාවේ විෂ වායු ප්‍රහාරයකින් සිය ගණනක් මරුට

colombotoday

“රොහින්ග්‍යා සංක්‍රමණිකයන් මුස්ලිම් රටවලට යවනු” – ඉන්දියාවේ විරෝධතා (Video)

colombotoday

ලොව පළමු DNA කොවිඩ් මර්දන එන්නත ලබාදීම අරඹයි

colombotoday

චීනයට යන සංචාරකයින් නිරෝධායනය වීම අවසන් කරයි

Admin

ලොව පුරා කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 54 ලක්ෂය ඉක්මවයි

colombotoday