Colombo Today Local News

නිරෝධායන නීති කැඩූ 433ක් අත්අඩංගුවට | වැඩිම පිරිස ඇඹිලිපිටියෙන්..

නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ගෙවුණු පැය 24 තුළ පුද්ගලයින් 433ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

මෙයින් වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඇඹිලිපිටිය ප්‍රදේශයෙනි.

එම පුද්ගලයින් ගණන 96කි.

ඊට අමතරව මාතලෙන් 73ක් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ, මුහුණු ආවරණය නොපැළඳු, දුරස්ථභාවය තබා නොගැනීම හා ඒ සම්බන්ධ නිරෝධායන රීති උල්ලංඝණය කිරීම හේතුවෙනි.

පසුගිය ඔක්තෝබර් 30වැනි දින සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 42,347 ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ, පළාත් හරහා ගමන් කර හැක්කේ අත්‍යවශ්‍ය සේවා සඳහා යන පුද්ගලයින්ට හා අතිශය මානූෂීය හේතුන් මත අවමඟුල් කටයුත්තක් සඳහා යන පුද්ගලයින්ට පමණක් බවය.

Related posts

ඇමැති ගෝලය මැදිහත් වීමෙන් උපකුලපති තෝරන පරීක්‍ෂණයට විරුද්ධව ජනපතිට ලිපියක්

Admin

අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න යෝජනා කිහිපයක්

Admin

කොටුගොඩ වෙඩි තැබීමක් – පුද්ගලයෙක් මරුට

Admin

ආර්ථික අර්බුදයෙන් මිදෙන ශ්‍රී ලංකාවේ වැඩපිළිවෙළට ලෝක බැංකුවේ පූර්ණ සහාය

Admin

සියළුම පක්ෂ ලේකම්වරු මැතිවරණ ලේකම් කාර්යාලයට කැදවයි.. පුංචි ඡන්දය ගැන විශේෂ සාකච්ඡාවක් !

colombotoday

ප්‍රංශ ණය යෝජනා ක්‍රමය යටතේ ඉදි කෙරෙන කිරි කම්හලක් වාරියපොල විවෘත කෙරෙයි

Admin