Colombo Today Local News

නීති විරෝධීව අපනයනයට සූදානම් කර තිබූ හක් බෙල්ලන් තොගයක් රේගු භාරයට

නීතිවිරෝධී ලෙස ඉන්දියාවට අපනයනය කිරීමට සූදානම් කර තිබූ හක් බෙල්ලන් 21,480 ක් ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව, සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂා කිරීමේ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, පුත්තලම ප්‍රදේශයේ සමාගමක් මගින් එම හක් බෙල්ලන් නීති විරෝධී ලෙස අපනයනය කිරීමට උත්සහ කිරීමේදීය.

විෂ්කම්භය මිලි මීටර් 70 ට වඩා අඩු හක් බෙල්ලන් සන්තකයේ තබා ගැනීම, මිලදී ගැනීම, විකිණීම, ප්‍රවාහණය කිරීම හෝ අපනයනය කිරීම තහනම් වේ.

අදාල සමාගම හක් බෙල්ලන් 33,680 ක් අපනයනය කිරීම සදහා බලපත්‍ර ලබාගෙන තිබේ. එහෙත් එලෙස අපනයනය කිරීමට සූදානම් කර තිබූ හක් බෙල්ලන් 21,480 ක් විශ්කම්භය මිලි මීටර් 70 ට වඩා අඩු අපනයනය තහනම් හක්බෙල්ලන් බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා සදහන් කරයි.

Related posts

මාලිමා කාර්යාලයක් වටලයි

Admin

කාන්තා සෞඛ්‍ය පහසුකම් නොමිලේ ලබා දෙන්න පියවර ගන්නවා- සජිත්

colombotoday

ලංකා විදුලි පුද්ගලික සමාගමට (LECO) හොර පාරෙන් කළමනාකරණ සහකරුවන් බදවා ගැනීමේ සූදානමක්.

colombotoday

විදුලි බල මණ්ඩලයට වාරණ නියෝගයක්

colombotoday

19 රකින්න ඕනෑම කණ්ඩායමක් සමග කොන්දේසි විරහිතව එක්වන බව සමගි ජන බලවේගය කියයි

colombotoday

කීත් නොයාර් පැහැර ගැනීම පිළිබද ෆොන්සේකාගෙන් ප්‍රකාශයක්‌ ගන්න නියෝග

colombotoday