Colombo Today Local News

මෙරට පොලිස් අත්අඩංගුවේ දී සැකකරුවන් මියයාම ගැන ජගත් මානව හිමිකම් කවුන්සිලයේ අවධානය

මෙරට පොලිස් අත්අඩංගුවේ දී සැකකරුවන් මියයාම සහ පොලීසිය හා අපරාධ කල්ලි සාමාජිකයින් අතර ඇතිවන ගැටුම්වලදී පුද්ගලයින් මියයාම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිෂෙල් බැෂෙලේ මහත්මිය පවසයි.

මේ සම්බන්ධයෙන් කඩිනම් ස්වාධීන පරීක්ෂණයක් සිදුකළ යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 47 වන සැසිවාරය අමතමින් ඇය සඳහන් කළාය.

ලබන සැප්තැම්බර් මාසයේ දී එම කටයුතුවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා අතර ශ්‍රී ලංකා රජය සමඟ තවදුරටත් එක්ව කටයුතු කරන බව මිෂෙල් බැෂෙලේ මහත්මිය ප්‍රකාශ කර තිබේ.

සුළු ජාතීන්ට සිදුවන හිරිහැර හා අතුරුදන්වූවන්ගේ කාර්යාලයට සිදුකර ඇති පත්වීම් පිළිබඳව ද සිය අවධානය යොමුව ඇති බව ඇය එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related posts

උතුරේ තියෙන්නේ සංවාද සාකච්ඡා

Admin

ගිනි අවි තොගයක් නිවසේ තබාගෙන සිටි එජාප මන්ත්‍රී අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

colombotoday

නිල්වලා ගඟ ආශ්‍රිත පහත්බිම්වල ජනතාවට යළි අනතුරු ඇඟවීමක්

Admin

හබරාදුව ප්‍රාදේශිය සභාව වසා දමයි

colombotoday

සංඝරත්නය ගැන රන්ජන්ගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරනවා, ලිඛිතව කරුණු ඕනෑ – අගමැතිගෙන් රන්ජන්ට ලිපියක්

colombotoday

ජාජබ විරෝධයේදී පොලිස් මිලේච්ඡ ප්‍රහාරයෙන් තුවාල ලැබූ අපේක්ෂකයෙක් මරුට

Admin