Colombo Today Local News

සියලුම වර්ගවල ලන්ච් ෂීට් තහනම් කිරීමට පියවර ගන්නැයි පරිසර ඇමතිගෙන් උපදෙස්

සියලුම වර්ගවල ලන්ච් ෂීට් තහනම් කිරීමට පියවර ගන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පරිසර අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය මේ බව සඳහන් කළේය.

2016 දී එවකට පරිසර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලන්ච් ෂීට් තහනම් කිරීම සඳහා පියවර ගෙන තිබුණත් එම තීරණය නිසි ලෙස ක්‍රියාත්මත නොවු බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබේ.

දිනකට මෙරට පරිසරයට බැහැර කෙරෙන ලන්ච් ෂීට් ප්‍රමාණය අවම වශයෙන් මිලියන 10 ඉක්මවනු ඇතැයි දළ වශයෙන් ගණන් බලා ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

ලන්ච් ෂීට් පසෙහි දිරාපත් වී නොපෙනී යාම වසර දෙක තුනකින් සිදු වුවද ලන්ච් ෂීට් නිසා පසට එකතුවන ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු වසර 200කට වැඩි කාලයක් පවතින බව විද්‍යාඥයින් විසින් සනාථ කර තිබේ.

මීට පෙර අවස්ථාවන්වල දී ලන්ච් ෂීට් තහනම් කිරීම සම්බන්ධව පරිසර අමාත්‍යාංශය විසින් කටයුතු යොදා තිබු බැවින් නව ගැසට් පත්‍රයක් පළකිරීමෙන් තොරව නියෝගයක් නිකුත් කිරීමේ හැකියාවක් පවතින බව ද පරිසර අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.

එම සාකච්ඡාවට පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙන්ම මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු ආයතනවල නිලධාරින්ද සහභාගි වී තිබේ.

Related posts

වෘත්තීය සමිති 13ක වනජීවි නිලධාරීන් හෙට දීප ව්‍යාප්තව සංකේත වැඩ වර්ජනයක

colombotoday

“හතළිහක් විපක්ෂයේ වාඩි වුනේ විපක්ෂනායකගේ කණ්ඩායමට නෙමෙයි”

colombotoday

දෙරණ වැරදි කරුවවූ, අර්ථය විකෘති කළ වීඩියෝව මෙන්න

colombotoday

දිවයින පුරා රෝහල් වලට ත්‍රිවිධ හමුදාව කැඳවයි

Admin

සහරාන්ගේ බිරිදගෙන් අධිකරණයට රහස් ප්‍රකාශයක් !

colombotoday

“පාර්ලිමේන්තුවට යන්න ඕන ජනතා කැමැත්තෙන්” – ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය ගෝඨා එපා කියයි

colombotoday