Colombo Today Local News

මිය ගිය කැස්බෑවන්ගේ සිරුරුවල කොටස් විදේශ රටකට

මෙරට මුහුදු තීරණයෙන් හමු වූ කැස්බෑ මළ සිරුරුවල කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා විදේශ රටකට යැවීමට තීරණය කර තිබේ.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, පරිසර අමාත්‍යාංශය, විදේශ අමාත්‍යාංශය, වනජීවි සංරක්ෂණ අමාත්‍යාංශය ඇතුළු ඊට අනුබද්ධ ආයනතවල නිලධාරීන් අතර පැවති වීඩියෝ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.

කැස්බෑවන් මියයාමට නිශ්චිත හේතුව හඳුනා ගැනීම සඳහා මෙම පරීක්ෂණයට යවන අතර මිය ගිය කැස්බෑවන්ගේ සිරුරුවල අඩංගු විෂ රසායනික ද්‍රව්‍ය නිශ්චිතව හඳුනා ගැනීමට මින් හැකියාව ලැබෙන සාකච්ඡාවේදී අවධාරණය කෙරිණි.

මේ වනවිට මෙරට වෙරළ තීරයට මියගිය කැස්බෑවන්ගේ සිරුරු 50 කට ආසන්න සංඛ්‍යාවක් ගොඩගසා තිබෙන බව වනජීවී සංරක්ෂණ අමාත්‍යංශය සඳහන් කළේ ය.

Related posts

ඉන්ධන ලබාගන්න ඇමති සුසිල් රුසියාවට

colombotoday

ගම්පොල සපත්තු කඩ හිමියාගේ ගෙදර ත්‍රස්ත පුහුණු කදවුරක්… ත්‍රස්තයින් සමග බෝම්බ ඇදුම් බෑගයක් සපත්තු කඩෙන් හමුවේ…

colombotoday

මත්පෙති 3750ක් ප්‍රවාහනය කළ පුද්ගලයෙක් අල්ලයි

colombotoday

කැලණියේ CCTV ගැලවූ සිසුන් 30කගේ දෙවසරක ශිෂ්‍යභාවය අහෝසි කරයි

colombotoday

චීවරයත් අවභාවිතා කරයි | භික්ෂුවකගේ වෙස් ගත් සැකකරු අධිකරණයට

colombotoday

පාර්ලිමේන්තුව 14 කැඳවූ පසු සිද්ධවෙන දේ කතා නායක කියයි

colombotoday