Colombo Today Local News

පොල් අලෙවියට පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවතට

පොල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එම අධිකාරිය විසින් ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ (18)දින ප්‍රකාශයට පත් කර තිබේ.

පසුගිය වසරේ සැප්තැම්බර් 25 වන දින අංක 2194/73 දරණ ගැසට් පත්‍රය මඟින් පොල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවා තිබුණි.

එම ගැසට් නිවේදනයට අනුව වට ප්‍රමාණය අඟල් 13 වැඩි පොල් සඳහා රුපියල් 70ක උපරිම සිල්ලර මිලක් ද, වට ප්‍රමාණය අඟල් 12 – 13 අතර පොල් සඳහා රුපියල් 65ක් සහ වට ප්‍රමාණය අඟල් 12ට අඩු පොල් සඳහා රුපියල් 60 උපරිම සිල්ලර මිලක් ද නියම කළේය.

ඒ අනුව එම ගැසට් පත්‍රය බල රහිත කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඊයේ 2232/ 38 දරණ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

Related posts

පාතාල සාමාජිකයින් දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

මම අමාත්‍යාංශ වල විෂයන් බෙදා අවසන්

Admin

ජනපති ඝාතන කුමන්ත්‍රණයට නි. පොලිස්පති නාලක සිල්වා යළි රිමාන්ඩ්…

colombotoday

සෞඛ්‍ය වෘත්තිය සමිති 17ක් සංකේත වැඩ වර්ජනය අරඹයි

colombotoday

ඤාණසාර හිමි සිරගත කිරීම ගැන ජනතාව කියන කතා මෙන්න (Video)

colombotoday

රටම නොමග යැවූ අගමැති, ජනතාවගෙන් සමාව ගත යුතුයි (Video)

colombotoday