Colombo Today Local News

එළැඹෙන මහ කන්නයට නයිට්‍රජන් දියර පොහොර ආනයනය කිරීමට පියවර

එළැඹෙන මහ කන්නයට අවශ්‍ය නයිට්‍රජන් දියර පොහොර ආනයනය කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

එළැඹෙන මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය හා සැපයුම පිළිබඳ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18)දින කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්වුණු අතර ඒ බව අනාවරණය කරන ලද්දේ එහිදීය.

මේ සඳහා ජාත්‍යන්තර ටෙන්ඩරයක් දාලා අවශ්‍ය කටයුතු සිදු කරමින් යන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව හෙක්ටයාරයක් සඳහා ගොවියෙකුට කාබනික පොහොර කිලෝග්‍රෑම් 500ක්, ශාක පෝෂක ඇමෝනියම් ඇසිඩ් කිලෝග්‍රෑම් 5ක්, පොටෑසියම් කිලෝග්‍රෑම් 35ක් සහ ජෛව පොහොර ලීටර 10ක් ලබාදීමට මෙහිදී නිර්දේශ කර තිබේ.

Related posts

පා. මන්ත්‍රීවරයෙකුගේ ආරක්ෂකයෙක් සියදිවි නසාගෙන

colombotoday

සුබේරිට සල්ලි ගෙව්ව හැටි කබ්රාල් කියයි

colombotoday

ලංකා හොස්පිටල් – හිල්ටන් විකුණා දැමීමට රජය තීරණය කරයි !

colombotoday

සිංහලයාට නැති දෙමළාට, මුස්ලිමයාට පමණක් ඇති ප්‍රශ්නය මොකක්ද? BBS දෙමළ, මුස්ලිම් ඇමතිලා හමුවී කෙළින්ම අහයි !!

colombotoday

වසර 05 ම පාවිච්චි කළේ පැරණි නිල රථයයි. ඇන්දේ හිටපු කථානායක ඇඳපු කබායයි. සමු දෙන්නේ පිරිසිදු දෑතකින් යුතුවයි. කථානායක කරු ජයසුරිය කියයි

colombotoday

ඉටුකම අරමුදලේ ශේෂය එන්නත්කරණයට යොදවයි

colombotoday