Colombo Today Local News

ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදල පිළිබඳ විගණනයක් අරඹයි

ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදල සම්බන්ධයෙන් විගණනයක් ආරම්භ කර ඇතැයි විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය වසරේදී මෙම අරමුදල ඇති කරනු ලැබුවේ, ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් අඩු මට්ටමක පැවති අවස්ථාවේ මෙරට තෙල් මිල ඊට සමගාමිව සංශෝධනය නොකිරීම තුළින් ඉතිරි වූ අරමුදල් යොදා ගනිමිනි.

එම අවස්ථාවේදී රජයේ ප්‍රතිපත්තිය වුණේ, ලෝක වෙළෙඳපොළේ තෙල් මිල වැඩි වන අවස්ථාවක තෙල් මිල වැඩි නොකර අරමුදලේ මුදල් යොදා ගනිමින් ජතතාව මත බරක් පැටවීම වැළැක්වීමයි.

නමුත් පසුගිය දා ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ගණන් ඉහළ යාමත් සමග ඛනිජ තෙල් විෂය භාර අමාත්‍යවරයා සඳහන් කළේ, එවැනි අරමුදක් ස්ථාපිත නොවූ බවය.

කෙසේ වෙතත් 2020 වසරදී එවැනි අරමුදලක් ස්ථාපිත කළ බවත් ඒ සඳහා රුපියල් බිලියන 69.2 ක් අරමුදලට රැස්වී තිබූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී ඇත.

ඉන් රුපියල් බිලියන 47.5 ක් අරමුදල ආරම්භ කිරීම සඳහා මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත් හරහා ලබාදුන් බව සඳහන් ය.

කෙසේවෙතත් මෙම අරමුදලෙන් රුපියල් බිලියන 48 ක් ලංකා විදුලි බල මණ්ඩලය ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු ණය පියවීමට යොදාගත් බව මහ බැංකු අනාවරණ කර ඇත.

මහ බැංකුව පවසන්නේ තවත් රුපියල් බිලියන 21 ක් මහබැංකුව නිකුත් කළ භාණ්ඩාගාර බිල්පත් පියවීමට යොදාගත් බවය.

2021 වසරේදී පෙට්‍රල් හා ඩීසල් මත පැවති ලාභන් ඉවත් වීම හේතුවෙන් අරමුදලට මුදල් රැස්වන මාර්ගයක් නොතිබූ බව ද මහ බැංකු වාර්තාවෙන් සඳහන් ය.

අරමුදල සම්බන්ධයෙන් මතුව ඇති මෙම තත්ත්වය පිළිබඳව විගණකාධිපති දෙපාර්තමේන්තුව විගණනයක් කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට නියමිත වේ.

Related posts

එප්පාවල පොස්පේට් ගින්න කුමන්ත්‍රණයක් !

colombotoday

කෘෂිකර්මයේ සියයට හතරක සහන පොලී අනුපාතයට ණය ලබාදීම නවතයි

colombotoday

නීතීඥ සංගමයත් අන්තවාදීන් යටතට.. ලෝකෙට පෙන්නන්න බෞද්ධයන්ට එරෙහි වාර්තාවක් හදයි

colombotoday

ජාතික ආදායමෙන් 38%ක් ධනවතුන්ට

colombotoday

ගාලුමුවදොර අරගලයේ නිරත සාමාජිකයින් අද ජනපති හමුවෙයි

colombotoday

මෙවර ශිෂ්‍යත්ව විභාගය 15 වැනිදා

Admin