Colombo Today Local News

ජනාධිපතිතුමා කටයුතු කළේ ඊළඟ මැතිවරණය බලාගෙන නෙමෙයි – අමාත්‍ය සරත් වීරසේකර කියයි

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කාබනික පොහොර වගාව සඳහා යොදා ගැනීමට කටයුතු කිරීම සම්බන්ධව අදාල නිලධාරීන් සහ ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුවිය.

මෙම අවස්ථාවට එක්වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේ ජනාධිපතිතුමා මේ තීරණය ගෙන ඇත්තේ ක්ෂණිකව හෝ කාගේවත් කීමකට නොවන බවයි. මෙම රසායනික පොහොර භාවිතය නිසා විශාල ව්‍යසනයක් ලංකාවට වන බවත් වකුගඩු රෝගීන් පිළිකා රෝගීන් සංඛ්‍යාව මෙම රසායනික පොහොර භාවිතය නිසා වැඩි වී ඇති බවත් මතු පරපුරේ පරපුරේ ආරක්ෂාව උදෙසා ගත් තීරණාත්මක තීරණයක් බවත්ය.

අපේ පසට මේ රසායනික ද්‍රව්‍ය මුසු වෙලා ඒ තුළින් අපේ ජලයටත් මුසුවෙලා ඒ ජලය පාවිච්චි කරාම තමයි මේ වගේ රෝග නිර්මාණය වෙන්නේ. මේ ජලය පාවිච්චි කරලා නිෂ්පාදනය වන කෘෂිකාර්මික බෝග පාරිභෝජනයෙන් ජනතාවද රෝගී වෙනවා.
ජනාධිපතිතුමා මේ තීරණය ගත්තේ ඊළඟ මැතිවරණය බලාගෙන නෙමෙයි ජනතාවගේ සුබ සිද්ධිය සඳහා

අද අපේ රටේ පස කොච්චර නිසරැ වෙලාද එදා අපේ පස සරු කලේ ගැඩවිලා කියන පණුවා. අද හොයා ගන්නත් නෑ. ඇළවේලි වල මාළු දකින්නත් නෑ.

අපි දන්නවා පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගේ කාලයේ මේ රට පෙරදිග ධාන්‍යාගාරය බවට පත්වුණා. ඒ කාලේ රසායනික පොහොර තිබ්බේ නැහැ. ඒ ආශ්චර්යය ඉටුකළේ හෙළ කෘෂිකාර්මික ක්‍රමවේදයන්ට අනුව යි. අපි පිටරට වලටත් හාල් යැව්ව. එහෙම කළේ රසායනික පොහො තියලා නෙමෙයි.

ජනාධිපතිතුමා මේ තීරණය ගත්තේ රටට ආදරය කරන නායකයෙක් විදිහට අනාගත පරම්පරාව සඳහා බව මහජන ආරක්ෂණ අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසුවේය කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති පැවති රැස්වීමක දී ය මේ අවස්ථාව සඳහා කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ප්‍රදීප් උදුගොඩ කොළඹ දිසාපති ප්‍රදීප් යසරත්න සහ අජිත් සුභසිංහ යන මහත්වරුන්ද මෙම රැස්වීමට සහභාගි වීය

Related posts

“ආරක්ෂක ලේකම් වහා නෙරපනු“ සරත් විජේසූරියගෙන් ජනපතිට නියෝග

colombotoday

රනිල් අගමැති කරන්නෑමයි ජනපති කීවා… ඒවා කොහෙද රනිල් අගමැති නොකර බෑ…

colombotoday

“මේක අපේ පක්ෂයේ ගැටළුවක්.. පැත්තකට වෙලා ඉන්න” – හරීන් මහා සංඝරත්නයට කියයි

colombotoday

ආණ්ඩුවේ ප්‍රබලයන් 7 ක් අද අස්වෙති

colombotoday

රාජ්‍ය සේවකයන් FB ගියොත් ස්මාට් ෆෝන් භාවිත කලොත් වැඩ තහනම් – මධ්‍යම ආණ්ඩුකාරවරයාගෙන් තද තීරණයක්

colombotoday

වෛද්‍ය අතුල කහඳලියනගේ අභාවප්‍රාප්ත වෙයි

colombotoday