Colombo Today Local News

ණය අයකර ගැනීමේදී මානුෂීයව සලකා බලන්න – අගමැතිගෙන් මහ බැංකු නිලධාරීන්ට උපදෙස්

වර්තමාන ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහ බැංකුවේ නිලධාරීන් සමග ඊයේ (16)දින අරලියගහ මන්දිරයේදී සාකච්ඡා කර තිබේ.

එහිදී අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ, කොවිඩ් වසංගතය හමුවේ විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටින ජනතාවගෙන් ණය අයකර ගැනීමේදී ඔවුන් මුහුණපාන ගැටලු අවම කිරීම සඳහා සුදුසු පියවරක් අනුගමනය කරන ලෙසය.

වාරික ගෙවීමේදී පොලිය මුලින් ගෙවීමට සිදුවීම තුළින් ණය මුදල් ගෙවීමට නොහැකි වන තත්ත්වයට ණයකරුවන් පත්ව ඇති බවත් පොලිය මෙන්ම ණය මුදල ද ගෙවී යන පරිදි ක්‍රමවේදයක් සකස් කිරීමේ වැදගත්කමත් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ, ණය ලබාදීමේදී පදිංචි නිවස ඇපයට ගැනීමෙන් ණයකරුවන්ට නිවස ද අහිමිවන අවස්ථා කොතෙකුත් ඇති නිසා ඒ ගැන මානුෂීයව සලකා බලමින් ක්‍රමවේදය වෙනස් කිරීමට අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු වූ බවය.

Related posts

පියල් නිශාන්තට වැඩ වරදියි

Admin

ගැබිණි මව්වරුන් යළි රාජ්‍ය සේවයට කැඳවීමට තීරණයක්

colombotoday

ජෙරම්ගේ ඇප ඉල්ලීමේ පෙත්සම විභාගය ජනවාරි 4

Admin

තව්හිද් ජමාත්, මියන්මාරයට එරෙහිව අද කොළඹදී යකා නටන්න යයි !!

colombotoday

යහපාලනයෙන් රටේ ණය බර 39%කින් ඉහළට.. මහ බැංකු වාර්තාවලින් හෙළිවේ !

colombotoday

ICBT Campus හී TEVEC ලියාපදිංචිය කල් ඉකුත්වේ.- අප්‍රේල් සිට පාඨමාලා පැවැත්වීමට TEVEC අවසරයක් නෑ – Updated

colombotoday