Colombo Today Local News

අධි බලැති පුපුරන ද්‍රව්‍යක් වන රතු රසදිය සිලින්ඩර තුනක් සමග සැකකරුවකු අත්අඩංගුවට

රඹුක්කන පොලිස් වසමේ කෑගල්ල දළුග්ගල ප්‍රදේශයේ විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිදුකරන ළද මෙහෙයුමක දී අධි බලැති පුපුරන ද්‍රව්‍යක් වන රතු රසදිය බවට සැක සහිත සිලින්ඩර තුනක් සොයාගෙන තිබේ.

එම භාණ්ඩ සමග කෑගල්ල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් අංශ 1හි නිලධාරීන්ට ලද තොරතුරක් අනුව එම භාණ්ඩ තොගය සොයාගෙන තිබේ.

සොයාගන්නා ලද භාණ්ඩ අතර ‘ රතු රසදිය අඩංගු ලෝහ සිලින්ඩර 03ක් , ග්‍රින්ඩරයක්, කළුපැහැති තීන්ත බෝතලයක් ,12 v සුදුපැහැති බල්බ 05ක් ,බ්රේක් ඔයිල් බෝතලයක් ,යකඩ ඇලවීම සඳහා ගන්නා ගම් බෝතලයක් ,සෙලෝටේප් රෝලක් , ලැප්ටොප් බෑගයක් සහ ලාංචන සහිත ස්ටිකර් 07ක් වෙයි.

Related posts

අයවැය යෝජනාවලියට ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ සහාය නැහැ

Admin

“ශ්‍රී ලංකික” යනු විකුර්තියක් – බොදු බලේ දිලන්ත කියයි

colombotoday

මැතිවරණ අපේක්‍ෂකයන් 107ක් ප්‍රචාරක කටයුතුවල දී කොරෝනා නීති කඩලා

colombotoday

හම්බන්තොට වරාය චීනයට දෙන නිසා ඉන්දියාව කන්කසන්තුරේ වරාය ඉල්ලයි !

colombotoday

අයවැයට සහය දුන් අයට ජනපති ගෞරවයෙන් තුති පුදයි

colombotoday

නවාතැනින් පැන්නු ආසාදිතයින් සිව් දෙනා ත්‍රීරෝද රථයක

colombotoday