Colombo Today Local News

අඩු ආදායම් ලාභී පවුල් වෙතත් රුපියල් 5,000 සේ දීමනාව

සමෘද්ධි ලාභීන්ට අමතරව අඩු ආදායම් ලාභී පවුල් වෙත ද රුපියල් 5,000සේ දීමනාව ලබාදීමට රජය තීරණය කර තිබේ.

ඒ සඳහා ඊයේ (14) දිනයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේ දී එකඟතාව හිමි වූ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී කැබිනට් මණ්ඩලය රැස්විය.

එහිදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් ද වැඩි අවධානයක් යොමුවු බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කළේ සහල් මිල පාලනය කිරීම සම්බන්ධයෙන් ද ඊයේ රැස්වු කැබිනට් මණ්ඩලයේ දී අවධානය යොමුවු බවය.

ඉන්ධන මිල ඉහළ ගිය ද බස් ගාස්තු වැඩිකිරීමට තීරණයක් ගෙන නොමැති බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

Related posts

චිනය එක්ක අලුත් අවබෝධතා ගිවිසුමකට එන්න කැබිනට් අනුමැතිය

Admin

හොර පොලිස් නිලධාරීන් 4 ක් නිට්ටඹුවේදී අත්අඩංගුවට

Admin

නාගානන්ද කොඩිතුවක්කු ටැක්ටරයේ ගොස් බැලුමේ එල්ලෙයි

colombotoday

නාමල් විතරක් මදි.. ඔහුගේ මව ශිරන්තිත් සිරගත කළ යුතුයි – පුරවැසි බලය

colombotoday

කාසියේ වාසිය බංග්ලාදේශයට

Admin

බුරියානි, වටලප්පම් දීලා ඡන්දය නොදී බොරු කරන්න එපා. එහෙම උනොත් විශාල දේවල් අපිට කරගන්න බැරි වෙනවා. අලි සබ්‍රි මුස්ලිම් ජනතාවට කියයි

colombotoday