World

ශ්‍රී ලංකාවේන් ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ඉන්දියාවට ඇතුළු වී ඇති බවට බුද්ධි අංශ අනාවරණයක්

ශ්‍රී ලංකාවේ සිට ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ඉන්දියාවට ඇතුළුවීමට උත්සාහ දරන බවට ඉන්දීය බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

තමිල්නාඩු ප්‍රාන්ත පොලීසිය සහ එරට මධ්‍යම බුද්ධි අංශය මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකරමින් තමිල්නාඩු ප්‍රාන්තයේ ආරක්ෂාව තර කිරීමට එරට බලධාරීන් කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

ආයුධ සන්නද්ධ පිරිසක් ඉන්දියාවට ඇතුළුවීමට උත්සාහ දරන බවට තොරතුරු ලැබී ඇති බව ඉන්දීය මධ්‍යම බුද්ධි අංශය විසින් ඉකුත් සෙනසුරාදා (12)දින අනතුරු ඇඟවීමක් සිදු කර ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

එබැවින් කන්යාකුමාරි, දත්කුඩි, රාමේෂ්වරම් සහ චෙන්නායි යන නගරවල දැඩි සෝදිසි මෙහෙයුම් මේ වන විටත් ආරම්භ කර ඇත.

බුද්ධි අංශ ආරංචි මාර්ගවලට අනුව ආයුධ සන්නද්ධ පිරිසක් රැගත් බෝට්ටුවක් රාමේෂ්වරම් වෙරළ දෙසට ගමන් කර ඇති බවටද තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

කෙසේවෙතත් මෙම පුද්ගලයින්ගේ අනන්‍යතාවය හෝ සංවිධානය කුමක්ද යන්න මෙතක් තහවුරු කර ගෙන නොමැති බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

Related posts

ලොව ප්‍රථමවරට කොරෝනා වෛරසයට එරෙහිව DNA එන්නතක්

colombotoday

මියන්මාරයේ සියලු අන්තර්ජාල පහසුකම් අවහිර කරයි

colombotoday

ඇෆ්ගන් ෂියා ආගමික මධ්‍යස්ථානයකට මරාගෙන මැරෙන ප්‍රහාරයක්.. 40ක් මරුට !

colombotoday

ඉන්දීය යානය බිම දැමුවේ ඇමරිකානු ප්‍රහාරක යානයකින්… ඉන්දු-පාකිස්ථාන ගැටුමට ඇමරිකාවත් මැදිවෙයි…

colombotoday

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදීගෙන් ප්‍රතිඥාවක්

colombotoday

පැය 24 ක් තුළ ඇමරිකාවෙන් කොරෝනා මරණ 410 ක්

colombotoday