Colombo Today Local News

බගවන්තලාව වත්ත මැද කොටස හුදකලා කරයි

බගවන්තලාව ආරියපුර 319-එස් ග්‍රාමසේවා වසමට අයත් බගවන්තලාව වත්ත මැද කොටස හුදකලා කර තිබේ.

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සදහන් කළේ ඊයේ (11)දින එම වතු ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 28දෙනෙකු හදුනාගැනීමත් සමග මෙම තීරණය ගත් බවයි.

එම අසාදිතයන් වැඩි පිරිසක් එකම පවුලේ සමාජිකයන් වන නිසා වෛරසය පැතිර යාමේ අවධානම පාලනය කිරිම සදහා බගවන්තලාව වත්තේ මැද කොටස හුදකලා කර තිබේ.

හුදකලා කළ එම වත්තේ මැද කොටසේ පවුල් 114කට අයත් සාමාජිකයින් 374දෙනෙකු ජීවත්වන බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සදහන් කරයි.

මෙම තත්ත්වයත් සමගඑම වතු යායට දැඩි පොලිස් ආරක්ෂාවක් යෙදවීමට ද කටයුතු කර තිබේ.

Related posts

ගිලන් රථයක් ත්‍රිරෝද රථ තුනක් හප්පා තුන්දෙනකු යට කරයි

colombotoday

යාපනය සරසවියේ කොටි ස්මාරකය වෙනුවට සාමකුලුනක් ඉදිකිරීමට මුල්ගල තබයි.

colombotoday

වල්සපුගල ‌ගොවීන්ගේ සත්‍යග්‍රහය අඛණ්ඩව

colombotoday

බෞද්ධයින් සමග ගැටුම් ඇති කරගත් මියන්මාර මුස්ලිම් අනාථයන් බෞද්ධ ලංකාවට ඒම භයානකයි..

colombotoday

අභියාචනාධිකරණ තීන්දුව ගැන මහින්දගෙන් විශේෂ නිවේදනයක්….

colombotoday

විදුලිය බිඳවැටීමෙන් පාරිභෝගිකයන් 475,000ට බලපෑම්

colombotoday