Colombo Today Local News

මත්පැන් බැරලයක් පුපුරා අයෙක් මරුට

අම්පාර, සමන්තුරේ ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් පෙරමින් සිටිය දී මත්පැන් බැරලයක් පුපුරායෑමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, එම අනතුරින් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවය.

බැරලය පුපුරායෑමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 53 හැවිරිදි මල්වත්ත ප්‍රදේශයේ පදිංචි අයෙකි.

ඊයේ (11)දින අලුයම් කාලයේ දී නීතිවිරෝධී මත්පැන් පෙරමින් සිටිය දී එම අනතුර සිදුව ඇති බවට සමන්තුරේ පොලීසිය අධිකරණය හමුවේ කරුණු වාර්තාකර තිබේ.

Related posts

අත්අඩංගුවට ගත් අය නිදහස් කරන්න මන්නාරමේ දේශපාලකයෙක් බලපෑම් කළා….

colombotoday

යතුරුපැදියක් දොඹකරයක ගැටී පුද්ගලයෙක් මරුට

Admin

තවත් පාතාල කල්ලි සාමාජිකයින් පිරිසක් පොලිස් අත්අඩංගුවේ

Admin

ආණ්ඩුව හාල් වලට බදු ගහලා හාල් මිල ගැන කිඹුල් කඳුලු හෙළනවා

Admin

අධික වර්ෂාවත් සමඟ ප්‍රධාන ජලාශ 37ක් වාන්මට්ටමේ

Admin

“රාජිත කියන්නේ බොරු.. අළුත් ව්‍යවස්ථාවට අපි විරුද්ධයි“ – හෙළ උරුමය

colombotoday