Business

ස්පුට්නික් V කොවිඩ් එන්නත මෙරටදී නිපදවීමට රුසියාවේ සහාය

රුසියාවේ විදේශ අමාත්‍ය සර්ගි ලැව්රොව් මහතා සමඟ ඉකුත් ජූනි 07 වනදා පැවැති දුරකථන සංවාදයක් අතරතුරදී රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V කොවිඩ් එන්නත ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කර ගැනීමට දක්වන සහයෝගය පිළිබඳව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රුසියානු රජයට ශ්‍රී ලංකාවේ කෘතඥතාව පළ කළේය. එසේම, ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්ධනය සදහා රුසියාවෙන් ලබා දෙන සහයෝගයද අමාත්‍යවරයා මෙහිදී බෙහෙවින් අගය කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජීනීවා මානව හිමිකම් සමුළුවේ 43 වන සැසිවාරයේදී රුසියාව ශ්‍රී ලංකාවට දැක්වූ සහයෝගය පිළිබඳවද ගුණවර්ධන මහතා රුසියානු රජයට ප්‍රශංසා කළේය. ශ්‍රී ලංකාව හා රුසියාව අතර වෙළද ආර්ථික හා කාර්මික යන ක්ෂේත්‍රවල සහයෝගීතාව පිළිබඳව අඛණ්ඩව සාකච්ඡා කීරිමටද මෙම දුරකථන සාකච්ඡාවේදී දෙපාර්වශ්යම එකඟතාවයකට එළඹ තිබේ.

තවද, විදේශ අමාත්‍යාංශ අතර ද්විපාර්ශ්වික උපදේශන මෙන්ම වෙළඳ, ආර්ථික, විද්‍යාත්මක හා තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ අන්තර් රාජ්‍ය කොමිෂන් සභාව පිළිබඳව ද අමාත්‍යවරු දෙපළ මෙහිදී අදහස් හුවමාරු හුවමාරු කර ගත්හ.

Related posts

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ඩොලර් බි. 2.9 ක විස්තීරණ ණය පහසුකමක්

colombotoday

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල තවත් ඉහළට

colombotoday

ඉන්දීය IT වෘත්තිකයින්ට ඇමරිකාව වැට බඳියි!

colombotoday

මහ බැංකුව තවත් රු.බි.17 ක බැඳුම්කර නිකුත් කරයි.

colombotoday

පිරමීඩාකාර ජාවාරම හිස එසවීම සහ මහ බැංකුවේ ක්‍රියාපිළිවෙත

colombotoday

රන් මිලේ සුළු වෙනසක්

Admin