World

පකිස්තානයේ ඉස්ලාම් දේවස්ථාන හරහා තලේබාන් සංවිධානයට අරමුදල් රැස්කරන බවට අවාමි නැෂනල් ලීගයෙන් චෝදනා

පකිස්තානයේ පිහිටි ඉස්ලාම් දේවස්ථාන හරහා ඇෆ්ගනිස්තානයේ තලේබාන් සංවිධානයේ ත්‍රස්ත ක්‍රියාකාරකම් සදහා අරමුදල් රැස්කරන බවට චෝදනාවක් එල්ල වී ති⁣බේ.

මෙම කරැණු හෙළිදරව් කර ඇත්තේ පකිස්තානයේ ප්‍රධාන විපක්ෂ දේශපාලන පක්ෂයක් වන අවාමි නැෂනල් ලීගය මගිනි.

තලේබාන් සංවිධානය පිලිගැනීමට ලක් කළ යුතු බව පකිස්තානයේ ඇතැම් සංවිධාන සහ පුද්ගලයන් විසින් ප්‍රකාශ කරන බවත් ඔවුන් පකිස්තානයේ සතුරන් බවත් අවාමි ලීග නායකයන් සදහන් කර තිබේ.

එම නායකයන් මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ,පකිස්තානයේ කාර්යභාරය විය යුත්තේ අරමුදල් රැස්කීරීමේ සිට සියලු ආකාරයේ ත්‍රස්ත ක්‍රියාවලට විරැද්ධවීම බවයි.

එහෙත් පකිස්තාන රජය එම ක්‍රියාකාරකම් මර්දනය කිරීමට අදාළ නිසි පියවර නොගන්නා බවටද ඔවුන් මෙහිදී චෝදනා කර තිබේ.

Related posts

පාකිස්තානයේ විෂ වායු කාන්දුවක් – 4ක් මරුට

colombotoday

නවතම මාදිලියේ iPhone නිෂ්පාදන පෙළ එළිදකී…

Admin

හැරී-මේගන් යුවල රජසැප අතහරී !

colombotoday

නවසීලන්තයේ ප්‍රබල භූ කම්පනයක්

Admin

ලෝකයේ කිසිදු රටකට මුහුණදිය නොහැකි මිසයිලයක් රුසියාව හදයි – ඇමරිකාව තිගැස්සෙයි

colombotoday

මහමත් මුණුබුරා වෙනුවෙන් තම දරුවන්ගේ ලේ හලන අෂුරා උත්සවය මුස්ලිම් භක්තිකයන් සමරයි – Video

colombotoday