Colombo Today Local News

සේරුවා විල අර්බුදයට යටින් උල්පන්දන් දෙන්නේ අලි සබ්‍රි | පිනට හම්බවෙච්ච ඇමතිකම. | පත්වෙච්ච දවසේ ඉදන් හරි වැඩක් කලේ නෑ.

මහනායක ස්වාමින් වහන්සේත් සංඝ සභාවත් අභිබවා යමින්, සේරුවාවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති ධූරය මහමෙවුනා අසපුව සතුකරගැනීමට උත්සහ දරන බවට මේ වනවිට ආන්දෝලනයක් ඇති වෙමින් පවතී. එවන් අවස්ථාවක අද (9) පැවති මාධ්‍ය හමුවකදී මේ සියලු කාරණා පිටුපස අධිකරණ ඇමති අලි සබ්‍රි සිටින බවට හික්කඩුව ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී, ත්‍රිපිටකවේදී මීවලපලානේ ධම්මරතන හිමි චෝදනා කර සිටියා.

“අතිගරු ජනාධිපතිතුමාට මතක් කරන්න ඕනේ… ජනාධිපතිතුමනි, ඔබතුමාව අපි පත් කලේබොහොම අමාරුවෙන්. සිංහල බෞද්ධයන්ව ආරක්ෂා කරන්න අපි ඔබතුමාව පත්කළේ. රැස්වීම්වල කතා කළේ… හැබැයි ඔබතුමා ළඟ ඉන්න, මේ අධිකරණ ඇමති අලි සබ්‍රි තමයි මේවට යටින් උල්පන්දන් දෙන්නේ කියන එක වගකීමෙන් මේ වෙලාවේ කියනවා. අලි සබ්රි ට අයිති නෑ… අපේ ශාසනික කතිකාවන් වෙනස් කරන්න. අලි සබ්රි ට අයිති නෑ… දායක සභා අස්සට පැනලා ඒ කටයුතු කරන්න. අලි සබ්‍රි ට අයිති නෑ… නැගෙනහිර පොලිසියේ නියෝජ්‍ය පොලිස්පති ට කතා කරලා ජේෂ්ඨ පොලිස් අධිකාරිට කතා කරලා හාමුදුරුවන් වහන්සේලාව වට කරන්න.”

“මේවා ඉතා නින්දිත වැඩ කියල අලි සබ්‍රිට මේ වෙලාවේ මතක් කරන්න ඕන. ඒ නිසා අලි සබ්‍රිට කියනවා තමුන්ට මේ පිනට හම්බවෙච්ච ඇමතිකම කරුණාකරලා තියාගෙන, මේ රටේ බෞද්ධයෝ කුලප්පු කර ගන්නේ නැතුව තමන්ගේ පාඩුවේ වැඩ ටික කරන්න. පත් වෙච්ච දවසේ ඉඳලා තමුන් හරි වැඩක් කරේ නෑ කියන එක විශේෂයෙන්ම මේ වෙලාවේ වගකීමෙන් යුතුව මතක් කරනවා.” යැයි අදහස් දක්වමින් ඒ හිමියෝ පැවසීය.

Related posts

UNP ආණ්ඩුවක් ආවම කාර් එකෙන් යන්න හිටපු නංගිට දැන් වෙලා තියන දේ මහින්ද කියයි

colombotoday

ගොයම් කපමින් සිටි මවක් වන අලි පහරින් මරුට

Admin

බදු චක්‍රලේඛය නිකුත් වෙයි… උපයන වැටුපට හරියටම බදු වදින හැටි මෙන්න

colombotoday

මධ්‍යම පළාතට අනවශ්‍ය ලෙස ඇතුල්වෙන සියලු දෙනා පී.සී.ආර්.පරීක්ෂණ

colombotoday

පරිසරයට හානි නොවන සේ නෙළුව – ලංකාගම මාර්ගය දින 90 කින් සාදා නිම කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

colombotoday

අයවැයට පෙර IMF නියෝජිතයන් හා රජයේ නියෝජිතයන් අතර හමුවක්…

colombotoday