Colombo Today Local News

වලිකාමම් අධි ආරක්‍ෂිතයෙන් අක්කර 700ක් නිදහස් කරයි

යාපනයේ වලිකාමම් උතුරු පළාතේ යුද හමුදාව විසින් අධි ආරක්ෂිත කලාප පිහිටුවා තිබූ ඉඩම් වලින් අක්කර 700 ක් නිදහස් කොට යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම්ට බාරදී තිබේ.

දිසාපතිවරයා පැවසුවේ මෙම ඉඩම් කොටසේ යුද්ධයට පෙර පවුල් තුන්සීයක් පමණ ජීවත් වූ නමුත් බාරදුන් ඉඩම්වල මායිම්ගල් ඉවත්ව ඇති නිසා යළි මැනීම් කටයුත්තකින් පසුව ජනතාවට බාරදෙන බවයි.

දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් පවසන්නේ ජනාධිපතිවරයා මෙම ඉඩම් ලබාදෙන ලෙස දැණුම්දී වසරක් පමණ ගත වන තුරුත් ජනතාවට ඉඩම් නොලැබීම දැඩි අසාධාරණයක් බවයි.

ජනාධිපතිවරයා පසුගිය සතියේ යාපනයට පැමිණි අවස්ථාවේදීද ඉඩම් අහිමිවී සිටින ජනතාව අනාථ කදවුරුවල ජීවත්වන ආකාරය සියැසින් දුටු නිසා මෙම ඉඩම් කොටස් වශයෙන් නිදහස් කිරීම වෙණුවට ඉඩම් සියල්ලම එකවරම වහාම නිදහස් කළයුතුව ඇතැයිද ඔහු කියා සිටියේය.

ජනතාවගේ ඉඩම් සියල්ලම ආපසු ලබාදීමට නොහැකිනම් 1990 වර්ෂයේ වලිකාමම් පළාතේ යුදහමුදා කදවුරු පැවති ආකාරය දෙස බලා ඊට ගැලපෙන අන්දමට යුද හමුදා කදවුරු ඉතිරි කරගෙන අනෙක් ඉඩම් ජනතාව වෙත ඉතාම කඩිනමින් ලබාදිය හැකි බවද මන්ත්‍රීවරයා යෝජනා කොට සිටියේය.

කෙසේ වෙතත් යාපනයේ වලිකාමම් උතුරු පළාතේ වැසියන්ට පමණක් ඉඩම් අක්කර 6400ක් අහිමිවී ඇති බව කියන දෙමළ ජාතික සන්ධානය මේවනතුරු එම ඉඩම්වලින් අක්කර දෙදහසක් පමණවත් ආපසු ඉඩම් හිමියන්ට ලැබී නැති බව ප්‍රකාශ කරයි.

– BBC

Related posts

අගමැතිනියගේ කැබිනට් පත්‍රිකාව දෙවන වරටත් ප්‍රතික්ෂේපයි

Admin

උද්ඝෝෂණ කරද්දී අපි දැනගත්තා ඕක වෙයි කියලා | සජිත්ට කොරෝනා හැදුන එක ගැන නාමල් කියයි

colombotoday

ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචියට දුන් කාලය දීර්ඝ කරයි

Admin

අධිකරණ ඇමති වැඩ අරඹයි

colombotoday

පොදු අපෙක්ෂකයා මෛත්‍රීමයි.. 2025 දක්වාම මේ ආණ්ඩුව කරනවා – රාජිත කියයි

colombotoday

සිරස ප්‍රධානි ආර්. රාජමහේන්ද්‍රන් මහතා ජීවන ගමනට සමු දෙයි.

colombotoday