Colombo Today Local News

කොවිඩ් වසංගතය මධ්‍යයේ වුවද වරාය නගරය මෙරට හැරවුම් ලක්ෂය වියහැකියි

ඉදිරි වසර 05 තුළ නව වරාය නගරය පදනම් කරගෙන රට තුලට අවම වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 15ක ආයෝජන ආකර්ශනය කරගැනීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකා ආයෝජන සංසදයේ 2021 දෙවන දින සමාරම්භක උත්සවය අමතමින් අගමැතිවරයා මේ බව සඳහන් කර ඇත.

මේ අතර මහජනයා කොවිඩ් උවදුරෙන් ආරක්ෂා කර ගැනීමට දින 66ක් පුරා රටම වසා දැමීමට සිදුවු බවත් ලෝකයේ ම සිදුවූ කොවිඩ් බලපෑම නිසා අපගේ ආර්ථිකය ද විශාල පසුබෑමකට ලක්වු බවත් ප්‍රකාශ කරයි.

“රටක් හැටියට මේ බැරෑරුම් තත්ත්වයට දිගින් දිගටම මුහුණදෙමින් අප රට නැවතත් කඩිසර වැඩබිමක් බවට පත්කරන්න අපට දැන් අවශ්‍යයි. මිත්‍රවරුනි නව පෝට් සිටි නගරය පදනම් කොට ගෙන ඊළඟ අවුරුදු 5 තුළ අප රට තුළට අවම වශයෙන් ඇ.ඩො බිලියන 15ක පමණ ආයෝජන කර ගැනීමට අප කටයුතු කරමින් යනවා. ඒ තුළින් කොවිඩ් වසංගතය මධ්‍යයේ වුවද අප රටේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරලීමට අපට හැකි වෙතැයි අප විශ්වාස කරනවා.“

Related posts

ගංවතුර බැස යයි.. වංසගත එයි! ප්‍රවේශම්වන්න

colombotoday

මට රට දුන්නේ මහින්දට බැරි හින්දයි, ක්‍රිකට් මැච් දින්නෙත් යහපාලනය නිසයි – අගමැති

colombotoday

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවෙසට ගිනි අවි පෙන්වා ආ මැරයින්ගෙන් අසූචි ප්‍රහාරයක්

colombotoday

බුද්ධගයා මහා විහාරයට දැඩි ආරක්ෂාවක්

colombotoday

මද්දුම බණ්ඩාරගෙන් දැඩි දේශපාලන තීන්දුවක්

colombotoday

අමාත්‍යාංශ ලේකම්වරුන් 07 කට පාර්ලිමේන්තු උසස් කාරක සභා අනුමැතිය

colombotoday