Covid 19

එකම ආරක්ෂිත ඇඳුම් කට්ටලය භාවිත කල මල්ශාලාවක 07කට කොවිඩ්

හෝමාගම විවිධ සේවා සමුපකාර සමිතියට අයත්, දියගම මල්ශාලාවේ කළමනාකරු ඇතුළු හත් දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

ආසාදිතයින් වාර්තා වීමත් සමඟ මල්ශාලව වසා දැමීමට පියවර ගෙන ඇති බව කහතුඩුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පී. සමරසේකර මහතා පවසයි.

මේ හේතුවෙන් එම මල් ශාලාවේ සේවය කල පුද්ගලයින් දසදෙනෙකු මල් ශාලාව තුලම නිරෝධායනය කිරීමට පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.

මීට දින කීපයකට පෙර මෙම මල්ශාලාවේ කළමනාකාරවරයාට සහ රියදුරුට කොවිඩ් ආසාදන වී ඇති බව හඳුනා ගැනීමත් සමඟ සිදු කළ පි.සි.ආර් පරීක්ෂණයේ දී අනකුත් ආසාදිතයින් හඳුනා ගෙන තිබේ.

මෙම මල්ශාලාවේ සේවකයින් සියලු දෙනා එකම ආරක්ෂිත ඇඳුම් කට්ටලය භාවිතා කරමින් දෛනිකව අවමංගල්‍ය කටයුතු සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

Related posts

ජනපති අද ජාතිය අමතයි !

colombotoday

දැනට ආසාදිතයින් 2,428 ක්

colombotoday

කොවිඩ් ආසාදනය වූ මාස 7ක ගැබිනි මවක් මිය යයි

colombotoday

“කිරි දෙන සියලුම මව්වරුන් එන්නත් ලබාගැනීමට සුදුසුයි” – විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

colombotoday

ගෙවුණු දිනයේ ආසාදිතයින් 655 ක් – වැඩිම ආසාදිතයින් කොළඹින්

colombotoday

36වන කොවිඩ් මරණ

colombotoday