Covid 19

තවත් තහවුරු කළ කොවිඩ් මරණකරුවන් 46ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (06) දිනයේ තවත් කොරෝනා මරණ 46 ක් තහවුරු කරනු ලැබීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1742 ක් දක්වා ඉහළ ගියේ ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව (6)දිනයේ කොවිඩ් මරණ වාර්තා වී නොමැති අතර තහවුරු කරන ලද මරණ වාර්තා වී ඇත්තේ, මැයි 17 වනදා සිට ජුනි 05 වනදා දක්වා කාලයේදී ය.

එම මරණ වාර්තා වූ දිනයන් මෙසේ ය..

මැයි 17 – මරණ 01
මැයි 22 – මරණ 01
මැයි 24 – මරණ 02
මැයි 26 – මරණ 01
මැයි 30 – මරණ 02
මැයි 31 – මරණ 06
ජුනි 01 – මරණ 03
ජුනි 02 – මරණ 09
ජුනි 03 – මරණ 03
ජුනි 04 – මරණ 15
මැයි 05 – මරණ 03

තහවුරු කළ මරණකරුවන් අතරින් 23 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 23 දෙනා කාන්තාවන් ය.

තහවුරු කරන ලද එම මරණ 46 වාර්තා වී ඇත්තේ, වැලිගම, කින්නියා, වේයන්ගොඩ, කළුතර, හැටන්, අක්මීමන, ගිංතොට, ගාල්ල, යක්කලමුල්ල, කොළඹ 14, කොළඹ 15 , අගලවත්ත, මීරිගම, පිටකෝට්ටේ, රත්ගම, නාගොඩ, හික්කඩුව, අඩතලවින්න, අඹේපුස්ස, මඩකලපුව, අල්ගම, බොරැල්ල, නුවරඑළිය, අවිස්සාවේල්ල, නිට්ටඹුව, මුරුතලාව, අකුරණ, ගල්එළිය, ගෙළිඔය, ඕපනායක, වව්නියාව, බම්බලපිටිය, ගම්පහ, නාවුත්තුඩුව, පස්සර,පිළිමතලාව, ගුරුදෙණිය සහ ගම්පොළ යන ප්‍රදේශවලිනි.

මිය ගිය පිරිස අතර අවුරුදු 20 – 29 ත් අතර වයසේ පසු වූ එක් පුද්ගලයෙක් සහ අවුරුදු 30 – 39ත් අතර වයසේ පසු වූ එක් අයෙක් ද වෙති.

තහවුරු කළ කොවිඩ් මරණ අතරින් 13 දෙනෙකුගේ මරණ සිදුව ඇත්තේ, නිවෙස්වලදී වන අතර තවත් 2 දෙදෙනකු රෝහල්ගත කරන අවස්ථාව වනවිට මිය ගොස් ඇත.

ඉතිරි 31 දෙනා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ය.

Related posts

කොරෝනා මර්දනයට ජනපති නියමයෙන් තීරණ රැසක්

colombotoday

තවත් කොවිඩ් මරණ 17ක්

colombotoday

ශ්‍රී ලංකාවේ 7 වන කොරෝනා මරණය වාර්තා වේ.

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 204ක් හදුනා ගැනේ

colombotoday

ජාතික රෝහලේ කොවිඩ් ​රෝගීන් 200ක් | සියයට 50ක්ම ඔක්සිජන් මත යැපෙයි

colombotoday

බුස්සේ රැඳවියන්ට කල පිසීආර් 69කින් 60ක් ආසාදිතයින්

colombotoday