Colombo Today Local News

ගිනිබත් වූ නෞකාව ගැන විමර්ශනයට කඩිනමින් ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන්නැයි වරාය සේවක සංගමයෙන් ඉල්ලීමක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිබත්වීම, ඊට වගකිව යුත්තන් සොයා දඞුවම් පැමිණවීම, සිදුව ඇති හානිය පිළිබඳ විධිමත් සොයා බැලීමක් සිදුකිරීම සහ අගතියට පත් පාර්ශ්ව සඳහා වන්දි ලබාදීම සඳහා කඩිනමින් ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන ලෙස සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය විසින් ලිඛිතව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අදාළ ඉල්ලීම සිදුකර ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් සහිත විද්වතුන්ගෙන් යුත් පූර්ණ බලැති ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කරන ලෙස අදාළ ඉල්ලීම සිදුකර තිබේ.

මාස 03ක් ඇතුළත එහි කටයුතු අවසන් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

මේ අතර මෙම නෞකාවෙන් සිදුව ඇති හානිය පිළිබඳ නීති උපදෙස් මත වන්දි ලබාගැනීමේ කටයුතු සිදුකරන බව වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

ගිනිගැනීමට ලක්වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් ඉන්ධන කාන්දුවක් තවමත් සිදුව නොමැති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

එහි සභාපති නීතීඥ දර්ශනි ලහදපුර මහත්මිය සඳහන් කළේ එවැනි ඉන්ධන කාන්දුවක් සිදුවුවහොත් ඒ සම්බන්ධයෙන් ගත හැකි ක්ෂණික ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බවය.

Related posts

ඩෙංගු රෝගීන් 80දහස ඉක්මයි.. මරණ 237ට නගී.. රාජිතගෙන් තවත් වාර්තාවක් !

colombotoday

කිරිපිටි මිල සඳුදා වැඩි වේ යැයි බලාපොරොත්තු වෙනවා

colombotoday

පාර්ලිමේන්තුවේ බහුතරය අපට දෙන්න

colombotoday

සමාජ මාධ්‍ය ජාලා අවහිරවෙයි

colombotoday

ජනපතිගෙන් ජපානය ට ඇරයුමක්

Admin

සා.පෙළ විභාගය මැයි

colombotoday