Colombo Today Local News

වහාම ක්‍රියාත්මක වන පරිදි නිශාරා ජයරත්නගේ තනතුර අහෝසියි

වහාම ක්‍රියාත්මක වන පිරිදි නීතිපති සම්බන්ධීකරණ නිලධාරී තනතුර අහෝසි කර ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි

නීතිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ චක්‍රලේඛයකින් මෙම තනතුර අහෝසි කර ඇත.

නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සොලිසිටර් ජනරාල් (පරිපාලන) චේතිය ගුණසේකර මහතාගේ අත්සනින් යුතුව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉකුත් 31 වැනිදා මෙම චක්‍රලේඛය නිකුත් කර තිබේ.

එහි අදාළ තනතුර පිහිටවූ 2019 හි අංක 28 චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කළ බවත්, නීතිපතිවරයාට සම්බන්ධීකරණ නිලධාරියෙක් නොමැති බවත් එම චක්‍රලේඛයේ සදහන්ව ඇත.

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතාගේ නීතිපතිධූර කාලය තුළ ඔහුට පැවරී තිබෙන ව්‍යවස්ථාපිත බලය අනුව සමබන්ධීකරණ නිලධාරි තනතුරක් ඇති කළ අතර එම ධූරයට රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පසුගිය දෙවසරකට ආසන්න කාලයක් කටයුතු කළාය.

Related posts

විමල් සහ ගම්මන්පිල පන්නා දැමු බව ජනපති මාධ්‍ය ප්‍රකාශක නිවේදනය කරයි.

colombotoday

පාර්ලිමේන්තුවේ අලුත් මුදල් කාරක සභාව පිහිටුවයි

colombotoday

ලෝක වෙළඳපො‍ළේ තෙල් මිල තවත් පහලට.. සහනය ජනතාවට නෑ.. අලුත් මිල සූත්‍රයත් තවම නෑ

colombotoday

බදු සහන දීම ගැන රජය සාකච්ඡා කරයි

Admin

පුද්ගල අත්තිකාරම් බදු ආදායමේ සීඝ්‍ර වර්ධනයක්

Admin

කොස්ගමදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කළ සිද්ධියට 5ක් අත්අඩංගුවට

Admin