Colombo Today Local News

මහනායක හාමුදුරුවන්ට අභියෝග කිරීම දේවදත්ත සම්ප්‍රධායේ වැඩක්. | සේරුවිල අත්පත්කර ගැනීමට කිරිබත්ගොඩ හිමි දේශපාලන හිතවත්කම් යොදා ගන්නවා ?

“යම්කිසි ස්වාමීන් වහන්සේ නමක් මහනායක හාමුදුරුවන්ට අභියෝග කරනවානම් සාමාන්‍ය ජනවහරේ අපි කියන්නේ දේවදත්ත නිකායේ කියලා.
ඒකට හේතුව තමයි බුදුන්ට අභියෝග කලේ බුදුන් ළඟ මහන වෙච්ච දේව දත්ත. මහනායක හිමියන්ට අභියෝග කරනවානම් ඒක දේවදත්ත සම්ප්‍රධායේ වැඩක්.” යැයි මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ සේරුවිල මංගල රජමහා විහාරය පිළිබඳව ඇතිවී තිබෙන තත්වය පිළිබඳව කරුණු දැක්වීමට ඊයේ (1) පැවැත්වූ මාධ්‍ය හමුවකදී සඳහන් කලෝය.

සේරුවිල අත්පත්කරගැනීමට කිරිබත්ගොඩ ඥානානන්ද හිමි තම දේශපාලන හිතවත්කම් යොදා ගන්නවාදැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ “වෙන්ඩ පුළුවන්… හැබැයි නොවිය යුත්තක්…” යැයි සඳහන් කරන ලදි.


ඓතිහාසික සේරුවිල රජ මහා විහාරාධිපතිව වැඩ විසූ පූජ්‍ය මුංහේනේ මෙත්තාරාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීමෙන් පසු පුරප්පාඩු වු සේරුවිල රජ මහා විහාරස්ථානයේ විහාරාධිපති ධූරය පිළිබඳව මතභේදාත්මක තත්වයක් හටගත් බැවින් එම විහාරස්ථානයේ හිමිකාරිත්වය සතු අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ මහා නිකායේ අතිගරු මහා නායක, මහා මහෝපාධ්‍යාය අග්ගමහා පණ්ඩිත පරම පූජනීය දොඩම්පහළ චන්ද්‍රසිරි මහ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ යටතට පත්කිරීමට එම සංඝ සභාව තීන්දු කරන ලදි.

කෙසේ වෙතත් පූජ්‍ය අලුදෙනියේ සුබෝධි හිමි නැමති භික්ෂුන් වහන්සේ විසින් තමන් වහන්සේ සේරුවිල රජමහා විහාරයේ විහාරාධිපති හිමියන් ලෙස පෙනී සිටිමින් මහනායක හිමියන් ඇතුළු තවත් භික්ෂුන් වහන්සේලා පිරිසකට බුදුන්ගේ ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කර ඇති සේරුවිල රජමහාකටයුතුවලට මැදිහත් වීම තහනම් කරමින් කොළඹ දිසා අධිකරණයෙන් පසුගිය මැයි 21 වන දින තහනම් නියෝගයක් ගෙන තිබෙනවා.

මේ සිද්ධිය පිළිබඳව භික්ෂුන් වහන්සේලාගේ චෝදනාව ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත්, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතාටත් පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමිටත් එල්ල වෙමින් පවතියි.

එයට හේතුව වන්නේ පූජ්‍ය අලුදෙනියේ සුබෝධි නැමති භික්ෂුන් වහන්සේ කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන්ගේ ගෝල භික්ෂුන් වහන්සේ නමක් වීම නිසාය

මහනායක හිමියන්ට විහාරයේ කටයුතුවලට මැදිහත් වීම තහනම් කල නියෝගය ලබා ගැනීම සඳහා අධිකරණයේ පෙනී සිට ඇත්තේ අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ ජේෂ්ඨතම කනිෂ්ඨ නීතිඥයෙක් වන සංජීව දසනායක මහතායි. අලි සබ්‍රි මහතා අධිකරණ අමාත්‍යධුරය භාරගැනීමෙන් පසු ඔහු පෙනී සිටි නඩු බොහොමයකට අධිකරණයේ පෙනී සිටින්නේ සංජීව දසනායක මහතායි.

පසුගිය ජනාධිපතිවරණයේදී සහයෝගය ලබා දුන් බැවින් සේරුවිල රජමහා විහාරය තමන්ට ලබා ගැනීමට උදව් කරන ලෙස කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන්ගේ ඉල්ලා ඇති බවත් ජනාධිපතිවරයා මාර්ගයෙන් අලි සබ්‍රි මහතාගේ කනිෂ්ඨ නීතිඥයා ලවා මෙම තහනම් නියෝගය ලබාගෙන ඇති බවට අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ මහා නිකායේ ජේෂ්ඨ සංඝ සභික හිමිවරු සැක පළකර සිටිති.

කෙසේ වෙතත් පරම පුජනීය ස්ථානයක් නීතිය අවභාවිතා කර මහනායක හිමිට පවා තර්ජනය කරමින් ලබා ගැනීමට ඉඩ නොදීමට එම හිමිවරු ඒකමතිකව අධිෂ්ඨාන කරගෙන ඇත.

අම්මා මුත්තා කලෙකදීවත් අසා නැති මෙම ක්‍රියාව සම්බන්ධයෙන් ත්‍රෛනිකායික භික්ෂුන් වහන්සේලාගේ අවධානය යොමු වී ඇති අතර සියලුම සංඝ සභා එකතුවී ඉදිරියේදී ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් මේ පිළිබඳව කරුණු විමසීමට බලාපොරොත්තුවෙන් සිටිති.

Related posts

නව ව්‍යවස්ථාව ගැන අන්තර්ජාල ජනමත විමසුමක් එයි !

colombotoday

චීන පොහොර සාම්පල යළි පරීක්ෂාවකට ලක් කිරීම නීති විරෝධී. – කෘෂිකර්ම ලේකම් කියයි

colombotoday

ආණ්ඩුවේ ප්‍රබලයන් දෙදෙනෙකුට ඇමති විජේදාස පාර්ලිමේන්තුවේදී රිදෙන්නම දෙයි (VIDEO)

colombotoday

චම්පික රණවක වෙනුවෙන් රිෂාඩ් බදුර්දීනුත් අධිකරණයට

colombotoday

නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේදීම පරදන්න සූදානම්.. තීරණාත්මක මොහොතේ ශ්‍රීලනිප සහය !!

colombotoday

වන අපරාධ අවම කරන්න දිගුදුර විහිදුම් බළකායක්

colombotoday