Colombo Today Local News

චන්දිමාල්ගේ උපන්දින සාදයට ආ අමුත්තන් ගැන හෝටලයේ කිසිම සටහනක් නැහැ

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ තරුපහේ හෝටලයක පැවැත්වූ සුපිරි උපන්දින සාදය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ,

මෙම සිදුවීමට සම්බන්ධ තවත් පුද්ගලයන් 6 දෙනකු ඊයේ (01)දින කොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම පිරිස අතර පිරිමි පුද්ගලයන් 5 ක් සහ කාන්තාවක් ද වෙයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ සහ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි යන දෙදෙනා පෙරේදා (31)දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් ඔවුන් හඳුනා ගැනීමට පොලිසිය සීසීටීවී දර්ශන නිරීක්ෂණය කරමින් සිටින බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

ආරාධිතයන් හෝටලයට ඇතුළුවීමේදී ඔවුන්ගේ නම් සහ හැඳුනුම්පත් අංක සටහන් කරගෙන නැති බවත්, බොහෝ හෝටල්වල ඇතුළුවීමේ ස්ථානයට අමතරව වාහන නතර කරන ස්ථානයේ සෝපානය මගින් අදාළ කාමරයට යෑමේ හැකියාව ඇති බවත් ඒ ආකාරයෙන් මෙම උපන්දින සාදයට පිරිස පැමිණෙන්නට ඇති බවත් පොලිසිය සැක කරයි.

Related posts

තවත් වෛද්‍යවරයෙක් කොරෝනා බිලි ගනී

colombotoday

සේරුනුවර කලුපාලම අසලින් ජීව උණ්ඩ 1892ක්

colombotoday

වැල්ලවායේ නිවසකින් කැපුම් තුවාල සහිත මළ සිරුරක් හමු වෙයි

Admin

හිජාස් හිස්බුලා වෙනුවෙන් දඟලන පුලන්නන්ට කන හරහාම දෙයි. දේශප්‍රේමී නීතිඥවරුන් 216 ක් නීතිඥ සංගමයේ සභාපතිට ලියයි.

colombotoday

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

Admin

මහා සංඝරත්නයේ අනුමැතිය නැති ව්‍යවස්ථාවක් එපා – බුද්ධ ශාසන කාර්යසාධක මණ්ඩලය

colombotoday