Colombo Today Local News

පියාගේ අවමඟුලදා පවුලේ හතරකට කොරෝනා. | හය දෙනෙක් මල් ශාලාවේම නිරෝධායනයට

ව්‍යාපාරික පියාගේ අවසන් කටයුතු සිදු කර පැය කිහිපයකින් පුතා ලේලිය ඇතුළු පවුලේ සාමාජිකයන් සිව් දෙනෙක් හා කොරෝනා ආසාධිතයන් බව අනාවරණයවීම හේතුවෙන් අවමගුල පැවති මල් ශාලාවේ හය දෙනෙක් එම මල්ශාලා පරිශ‍්‍රයේම නිරෝධායනට ලක් කිරීමට මීරිගම සෞඛ්‍ය බලධාරීන් පියවර ගනු ලැබුහ.

මීරිගම ප‍්‍රදේශයේ ප‍්‍රධාන පෙලේ ව්‍යාපාරික ආයතනයක හිමිකරුගේ පියා සිකුරාදා අලූයම මරණයට පත්වී ඇත.

ග‍්‍රාම නිලධාරි නිර්දේශය ඇතිව දේහය මල්ශාලාවකට ගෙනවිත් එහි මූලික කටයුතු සිදුකර අවසන් ගෞරව දැක්වීම සදහාද එම මල් ශාලාවේම තැබීමට පියවර ගෙන ඇත.

පවුලේ පිරිස මෙන්ම ප‍්‍රදේශයේ ඥාති හිතවතුන්ද විශේෂයෙන්ම නගරයේ ව්‍යාපාරික පිරිස්ද මේ අවස්ථාවට එක්වී තිබේ.

එදිනම පස්වරුවේ දේහය ආදාහනය කිරීමට කටයුතු කර ඇති අතර ඉන් අනතුරුව පස්වරුවේ සිදු කෙරුණු පරීක්ෂණයකදී මියගිය අයගේ පුතා ලේලිය හා දරු දෙදෙනා කොරෝනා ආසාධිතයන් බව හෙලිවීම හේතුවෙන් සෞඛ්‍ය බලධාරීහු මල් ශාලාවේ අයිතිකරු ඇතුළු හය දෙනා මල් ශාලාවේම නිරෝධායනයට ලක් කරනු ලැබ ඇත.

Related posts

අබුඩාබි හි පිපිරීමකින් ශ්‍රී ලාංකික තරුණයෙක් මරුට

colombotoday

පාස්කු ප්‍රහාර මාලාවේ නඩුවක් කල් යයි

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් හෙළි කරගත් තවත් අයිස් කිලෝ 2ක් වත්තලදී අල්ලයි

colombotoday

විශ්වවිද්‍යාල ආචාර්යවරු අද දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක

Admin

සෝමා එදිරිසිංහ දිවි සැරිය නිම කරයි

colombotoday

මහින්ද අගමැති කිරීම නිසා ආර්ථිකය කඩා වැටිලා, රට අස්ථාවර වෙලා…

colombotoday